101 Dalmatians II: Patch’s London Adventure (2002) Sinhala Subtitles | පැච්ගේ ලන්ඩන් ගමන [සිංහල උපසිරැසි සමඟ] (52)

මුලින්ම මගේ 50 වෙනි උපසිරසට සුභ පතපු හැමෝටම ස්තුතියි කියන්න කැමතියි. 50න් පස්සෙ ටයිප් කරන පළවෙනි ලිපිය තමයි මේ. ඉතින් මේ තමයි අපේ  බලු රැළේ දෙවෙනි චිත්‍රපටය‍. මේකත් ගොඩක් ලස්සන චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුලුවන්.

මේක බලන්න කලින් පළවෙනි එක බලලා හිටියොත් හොඳයි කියලා හිතනවා. මොකද කොහොමද එක තනිකඩ බලු රාළෙක් 101ක පවුලක සාමාජිකයෙක් වෙන්නේ කියලා අපිට බලාගන්න පුලුවන් ඒකෙන් නිසා.

ඉතින් අපේ දෙවෙනි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ පැච්. අර ඇහැ වටේ කලු ලපයක් තියෙන බලු කුක්කා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි. ඔයාලාට මතක ඇති පළවෙනි චිත්‍රපටයේ අවසානයට රොජර්, ඇනීටා දෙන්නා තීරණය කරනවා 101කට ඒ පොඩි ගෙදර හරියන්නෙ නැති නිසා අලුත් තැනකට ගිහිල්ලා ඩැල්මේෂන් ගොවිපලක් හදන්න. ඉතින් මේ කතාව පටන්ගන්නේ ඒ අලුත් තැනට යන්න පිටත් වෙන්න සූදානම් වෙන තැනින්.

පහුවෙනිදා තමයි පිටවෙන්න තියෙන්නේ අලුත් තැනට. ලොරියකුත් සූදානම් වැඩේට. මේ අතරේ පැච්ට සිද්ධ වෙන දේවල් නිසා එයාට දැනෙන්නේ තමන්ට කෙණෙහිලිකම් වෙනවා කියලයි. පොන්ගෝට 101 දෙනාව හරියට ගණන් කරගන්නත් අමාරුයි. පැටලෙනවා හැමතිස්සෙම. පහුවදා උදා වෙනවා. රොජර් ඇනීටා යුවළ බඩු ටිකයි බලු පැටව් ටිකයි ලොරියෙ පටවගෙන යන්නයි සූදානම. සුපුරුදු පරිදි පොන්ගොට 101 දෙනාව ගණන් කිරිල්ල පැටලෙන අතරේ පැච්ව පරණ ගෙයිම තනි වෙනව. ඒත් පැච් කලකිරෙන්නේ නැතුව තමන්ගේ ආසාවක් ඉටු කරගන්නයි සූදානම… ඒ තමයි එයාගෙ වීරයා තන්ඩබෝල්ට්ව මුණගැහෙන එක. පැච්ට තන්ඩබෝල්ට්ව මුණගැහෙන්න පුලුවන් වෙයිද? ඊළඟට මොනා සිද්ධ වෙයිද? බලන්නකෝ මොකක්ද වෙන්නේ කියලා….

තවත් උපසිරසකින් හමුවෙමු.


සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


2 thoughts on “101 Dalmatians II: Patch’s London Adventure (2002) Sinhala Subtitles | පැච්ගේ ලන්ඩන් ගමන [සිංහල උපසිරැසි සමඟ] (52)

අදහසක් දෙමු.