Postman Pat: The Movie (2014)| පැට් පියුම් මහතා [සිංහල උපසිරැසි සමඟ] (2)

(2) Postman Pat The Movie (2014)

බයිස්කෝප් සිංහලෙන් අපිට උපසිරස දෙන, උපසිරස ගන්න, බලන, සෑම යහළු යෙහෙළියෙක්ටම සුභම සුභ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා.

මගේ පෙර ලිපිය එව්වාත් සමඟම මට පිළිතුරු එවා මාව තව උපසිරසකට යොමු කිරීමට මා දිරිමත් කළාට මුලින්ම සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා. ඉන්පසුව මට මෙය කිරීමට භාරදුන් විකියා සහෝටත් ස්තූතියි. මම මාගේ පෙර උපසිරසට අදහස් දුන් සියළුදෙනාටම මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. මොකද එයාලා මාව ගොඩක් දිරිමත් කරලා තිබුණා තව උපසිරසක් කරමු කියලා. ඒ විතරක් නෙමෙයි මගේ පළමු උපසිරැසිය 700+ පිරිසක් ඩවුන්ලෝඩ් කරගෙන තිබුණා. ඒ හැම දිරිගැන්වීමක් නිසාම තමයි මේකත් ගේන්න පුළුවන් වුණේ!! එක එක වැඩ නිසා මේ පාරත් උපසිරස භාරදුන් ඉක්මනට කරලා දෙන්නනම් බැරි වුණා. ඒකට ගොඩක් සමාවෙන්න ඕණේ! තාම අපි අළුත්නේ ඉතින් මට සමහර වචනවල තේරුම හොයද්දි ඇඩ්මින් සහෝ කෙනෙක් උදව් දුන්නා. ඒ නිසා එයාටත් ස්තූතිය යා යුතුයි! එහෙනම් සලරුව දෙසට යොමු වෙමු නේද යාළුවනේ!!!

මේ සලරුව 2014 මැයි 23වෙනිදා එක්සත් රාජධානියේදී තමයි ප්‍රදර්ශණය කිරීමට පටන්ගත්තේ.  මේක ත්‍රිමාණ ඇනිමේශන් සලරුවක්. (ඇනිමේශන් සලරුවක් කරා කිව්වම දන්නවනේ ඉතින්, කාටූන් අක්කා කෙනෙකුත් ඉන්න නිසා අමාරුවෙන් තමයි හොයාගත්තේ.) මෙම සලරුව අධ්‍යක්ෂණය කර ඇත්තේ Mike Disa. මෙය IMDB දර්ශකයේ Animation | Comedy | Family කියන වර්ගීකරණයට අයිති වුණා. මෙයට ලැබුණු IMDB අගය නම් 4.6ක්. නමුත් මටනම් කියන්න තියෙන්නේ බලන්න කියලා තමයි. දැන් අපි කථාව දෙස හැරෙමු!

නමින්ම පැහැදිලියිනේ. කථාව දිව යන්නේ පැට්රික් ක්ලිෆ්ටන් එනම් කවුරුත් දන්න කියන පැට් පියුම් මහතා වටේ තමයි. මේ එයාට පූස් හුරතලෙකුත් ඉන්නවා එයා ජෙස්. පැට් මහත්තයා එසේ මෙසේ නෙමෙයි පළපුරුදු පියුම් මහතෙක්. ඉතින් මේ පැට් මහත්තයා තමන්ගේ බිරිඳ සාරාට පොරොන්දු වෙනවා ඉතාලි චාරිකාවක් එක්කන් යන්න. ඒ ඔහුගේ බෝනස් මුදල යොදවායි. නොසිතූ ලෙස ඔහු දැනගන්නවා ඔහුට බෝනස් නොලැබෙන බව. දැන් මෙය බිරිඳට කියන්න ඔහු දරන උත්සාහයට මටත් දුක හිතෙනවා. නමුත් ප්‍රමාදයි ඒ වන විටත් බිරිඳ යන්න ලෑස්තිත් වෙනවා. පමණක් දුරට ලෑස්තිත් වෙලා. නමුත් පැට්ගේ පුතා (ජූලියන්) තමාට පෙන්වන රූපවාහිණී කුසලතා ප්‍රදර්ශණයකට හිත ඇදී යනවා! එහි ත්‍යාගය විදිහට තම බිරිඳට අවශ්‍ය දේම ලබාගත හැකි බව ඔහු දැනගන්නවා. පැට් තරඟයට ඉදිරිපත් වෙයිද? මොකද ඔහු විදුලි ආලෝක ඒ කියන්නේ ෆ්ලෑෂ් ආලෝකවලට කැමතිම නැහැ! ඉදිරිපත් වුණොත් රස්සාවට මොනවා වෙයිද? ඔහුට බිරිඳ ඒක්ක පොරොන්දු කඩ නොකර ඉතාලි චාරිකාව එක්කගෙන යන්න පුළුවන් වෙයිද? මොන තීරණයක් මොහු ගනීද? මොන ප්‍රශ්ණ ඇති වෙයිද? මම කියන්නෙ නෑ! මොකද කථාව ගැනනං තව ගොඩාක් විස්තර කියන්න පුළුවන්! හැබැයි තව කියලා කථාවේ රසය නැතිකරන්නෙ නැහැ! එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ!!!

 ++එහෙනම් මීළඟ උපසිරෙසන් ඉක්මනින්ම හමු වෙමු++

1 nomination. See more awards »


උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


Advertisements

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )