Mr. Popper’s Penguins (2011) | පොපර් මහත්මයාගේ පෙන්ගුයින් මිතුරෝ. [සිංහල උපසිරැසි සමඟ] (3)

(3) Mr. Popper's Penguins (2011)

කොහොමද ඉතින් යාළුවනේ… මුලින්ම මට මේක කරන්න අවස්ථාව දුන්නු හසන්ත වික්‍රමරත්න සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා.

සමාවෙන්න ඕනේ. හිතුවෙ මීට කලින් දෙන්න ඒත් හදිසි වැඩ කිහිපයක් යෙදුණු නිසා මාසය 3ක් වගේ කාලයක් ගියා වැඩේ අහවරක් කරන්න. කමක් නෑ මේක ඉතින් ටිකක් පරණ එකක්නේ 😀 පරණ උණාට බලන්නම ඕන බලලා තායෙන්නම ඕන චිත්‍රපටයක් තමයි මේක. අනික දන්නවනේ අළුත් එව්වා බාරගත්තොත් ලේසියෙන් පරක්කු කරන්නෙ නෑ කියලා. ආයෙත්නම් මෙච්චර ප්‍රමාද නොකරන්න උත්සහයක් දෙනවා. ඔන්න ඉතින් අන්තිමේදි කොහොමහරි වැඩේ ඉවර කළා…

මුලින්ම කියන්න ඕනෙම දේ තමයි මේ කොමඩියක් වුණාට ලොකු පොඩි කාටත් බලන්න පුළුවන්. ඒ කියන්නෙ පවුලේ සැමට එකට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. කොමඩි තැනින් තැන තිබුණත් ගොඩක්ම මේකෙ තියෙන්නේ ලස්සන කතාවක්. එහෙනම් කතාව දෙසට හැරෙමුකෝ…

කථාවේ ගැඹුරටම නොගිහින් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්නම්…
කථාවේ ප්‍රධාන චරිතය ටොමී පොපර් (Jim Carrey). Jim Carrey කීවම දන්නවනේ කතාව නියමෙටම තියෙනවා. මෙයාගෙ තාත්තා ගවේශකයෙක්. රට රටවල සංචාරයේ යෙදෙන මොහුගේ පුතු ටොමී පොපර්ට පිය සෙනෙහස හරි හැටි ලැබෙන්නෙ නැහැ. මොකද එයා ඕනෙ වෙලාවක වෙන රටක සංචාරයක. කලකට පසුව පොපර් ගැන කිව්වොත් එයාගේ බිරිඳ ඇමැන්ඩා, පුතා බිලී (එයා හොඳ පාපන්දු ක්‍රීඩකයෙක්), දුව ජෙනී (එයා ටිකක් හිතුවක්කාර කෙනෙක්). කොහොමහරි ටොමී පොපර්ට එයාගෙ තාත්තගෙන් සිහිවටනයක් ලැබෙනවා ඒ ඔහුගෙ ඇන්ටාක්ටිකා සංචාරයෙදි (හිතුණා නේද සිහිවටනය මොකක්ද කියලා?) ඒ පෙන්ගුයින් කෙනෙක්. මේ පෙන්ගුයින්ව මහා ඇණයක් වෙන පොපර් මහතා නැවතත් මේ පෙන්ගුයින්ව ඇන්ටාක්ටිකාවටම යවන්න ලොකු උත්සාහයක් දරනවා. ඒත් මෙයා නැවතෙන්නෙ පෙන්ගුයින්ලා 6ය දෙනෙක් එක්කයි…

  • මේ පෙන්ගුයින්ව ඇන්ටාක්ටිකාවට යවන්න පුළුවන් වෙයිද?

  • මොකක්ද මේ පෙන්ගුයින්ලා 6ය දෙනෙක් ගැන කියන කතාව?

  • පෙන්ගුයින්ලව තියාගන්න පුළුවන්ද?

  • පුළුවන්නම් පොපර් කොහොමද පෙන්ගුයින්ලව බලා කියාගන්නේ?

  • පොපර්ගේ පවුල් ජීවිතයට මේවයින් බලපෑමක් වෙයිද?

මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්නම් සිංහල උපසිරස සමඟ මේ සලරුව දැන්ම බාගත කරගෙන බලන්න…

                              *එහෙනම් තව උපසිරසකින් ළඟදීම හමු වෙමු!*


උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


Advertisements

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )