Elsa & Fred (2014) | එල්සා සහ ෆ්‍රෙඩ්ගේ නොවෙනස් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ] (4)

Elsa and Fred (2014)

කොහොමද යාළුවනේ. ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේකත් ගත්තු ඉක්මනින් දෙන්න බැරි වුණේ වැඩ වගයක් වැටුණු නිසයි. සමහර දවස්වල කොටන්න හම්බුනේ ලයින් කිහිපයයි. ඉතින් මට මේක දුන්නු එක ගැන හසන්ත සහෝට ස්තූති වන ගමන් ප්‍රමාදයට සමාවත් ඉල්ලනවා. හරි එහෙනම් අපි සලරුව දෙසට හැරෙමු නේද?

මේක ගිය අවුරුද්දෙ (2014) නොවැමිබර් මාසෙ 7 වෙනිදා නිකුත් වුණු අළුත්ම සලරුවක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  Michael Radford. ඒ වගේම මේක රචනා කරලා තියෙන්නෙ අධ්‍යක්ෂණය කාර්ය කෙරූ  Michael Radford සහ Anna Pavignano. දැනට ලැබිලා තියෙන IMDb අගය 6.4ක්. සලරුව ගැන මෙච්චරයි කියන්නෙ. දැන් කථාව පැත්තට හැරෙමු.

මේ කථාවේ පෙන්නනනෙ අහිංසක ආදරයක් ගැන. ඔව් සලරුවේ නමේ අකාරයටම ඒ එල්සා සහ ෆ්‍රෙඩ්ගේ ආදර කථාවයි. මේ දෙන්නම වැන්දඹුවන්. කථාව පටන්ගන්නෙ ගෙයකට මාරු වෙන සීන් එකකින්. ඔව් ඒ ෆ්‍රෙඩ්. එයා ඒ ගෙදරට ගියාට පස්සෙ එයාගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එයාට එල්සව මුණගැහෙනවා. මේ දෙන්නම අසනීප දෙන්නෙක්. හැබැයි මේ එල්සා ටිකක් බොරු කියනවා. මොනාද මේ බොරු? මේ බොරු නිසා මොනා වෙයිද? ඒවා ගැන දැනගන්නම් බලන්නම වෙයි. මේක ලස්සනට ගොඩනංවල තියෙන කථාවක්.

තව දෙයක් ඕගොල්ලන්ට පුළුවන්නම් අදහසක් දාන්න හුඟක් අගය කරනවා! එහෙනම් බයිස්කොප් එකට එන යන හැමෝටම ජය! ඊළඟ උපසිරසෙන් මුණගැහෙමු!


උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


Advertisements

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )