Curious George 3: Back to the Jungle (2015) | පුංචි අපේ මිතුරු ජෝජ්: නැවතත් කැලයට. [සිංහල උපසිරසි සමඟ] (11)

11885289_10153434384676259_718999720208043264_n

හරි එහෙනම් තව ඇනිමේෂන් එකක් අරගෙන ආවා. හොඳ කොපියක් එන්න කලින්ම මේක ගැන මට සමීර චතුරංග සහෝ දැනුවත් කළා ඒ ගැන ස්තූතියි. ඒ වගේම හසන්ත සහෝ මේක වෙන් කරලා දුන්නට ගොඩක්ම ස්තූතියි. මේක නිකුත් වුණේ මේ අවුරුද්දෙ ජූනි 23න් වෙනිදා. අධ්‍යක්ෂණය Phil Weinsteinගෙ වන අතර නිෂ්පාදනය Share Stallingsගෙ වෙනවා.

මේකෙ ප්‍රධාන හඬකැණීම් ශිල්පීන් තමයි Frank Welker (ජෝජ් ලෙස), Angela Bassett (දොස්තර කුළින්ඩා ලෙස), John Goodman (හියුස්ටන් ලෙස) සහ Jeff Bennett (ටෙඩ් ලෙස). මෙම සලරුව ඉතාමත් අලංකාරව සංගීතවත් කර ඇත්තේ Heitor Pereira.(ඔව් ඔව් මේකෙ හොඳ සිංදු ටිකක් තියෙනවා) අදනම් ඉක්මනට දෙන්න ඕනෙ නිසා වැඩිය ලිපිය ලියන්න යන්නෙ නැහැ. ඉතාම කෙටියෙන් ලියන්නම්.

ජෝජ් කියන්නෙ දුර්ලභ (Curious) වඳුරෙක් කියලා දන්නවනෙ. මෙයාව රැක බලා ගන්න කෙනා තමයි ටෙඩ් කියන්නෙ. දවසක් හියුස්ටන් මහත්මයාගෙන් ජෝජ්ට යෝජනාවක් දෙනවා. ඒ තමයි ගගනගාමියෙක් වෙන්න කියලා. මොකද ගංවතුර එන එක නවත්තන්න ඕනෙ නිසා. ගංවතුර ආවොතින් ලොකු විනාශයක් වෙනවා. ලොකු පොඩි හැමෝම බලන්න ඕනෙ ආදර්ශමත් සලරුවක් තමයි මේක. මේකත් ගොඩක් ආදර්ශමත් ඇනිමේෂන් එකක්. යාළුවො ඉන්න එක, යාළුවො ඇතිකරගන්න එක කොච්චර වටිනවද කියලා මේකෙන් පෙන්නනවා.

මොකක්? ගංවතුර නවත්තන්න මොකද ගගනගාමියෙක් වෙන්නෙ? අභ්‍යාවකාශෙට ගියොත් ගංවතුර නවත්ත පුළුවන්ද? ටෙඩ් තමන් ඇති කරන වඳුරු පැටවව අභ්‍යාවකාශෙ යවන්න කැමති වෙයිද? මේකෙ මාතෘකාවෙ කියන්නවා “නැවතත් කැලයට” කියලා මොකක්ද ඒකෙ තේරුම? යාළුවො ඇති කරගන්න එකෙනුයි යාළුවන්ගෙනුයි ඇති වටිනාකම මොකක්ද?

මේවා දැකලා අවුල් වුණාද? එහෙනම් ඒ අවුල ලිහාගන්න පුළුවන් මේක අරගෙන බැළුවනම්.

පුංචි අදහසකුත් පහළින් දාලා යනවනම් ගොඩක් අගය කරනවා! එහෙනම් බයිස්කොප් එකට එන යන හැමෝටම ජය! ඊළඟ උපසිරසෙන් ළඟදිම හමු වෙමු!


චිත්‍රපටය සහ උපසිරැසි ගැනීම සඳහා මෙතනින් යන්න…


Advertisements

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )