
කොහොමද කට්ටියට? මේ පාර මම ගොඩවදින්නෙ වෙනස් සලරුවක් අරගෙනයි. මෙච්චර කල් කළේ ඉංග්‍රීසි ඒවනේ. ඔන්න මේ පාර කළේ දමිළ සලරුවක්. මටනම් දමිළ පොඩ්ඩක්වත් බැහැ. ඉංග්‍රීසි උපසිරසක් තමයි පරිවර්තනය කළේ ඒ නිසා වැරදි ඇති බොහෝ විට ඒවට සමාවෙන්න ඕණෙ. මුලින්ම සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා මේක හොයලා දීලා වෙන් කරලා දුන්නට.
සලරුව පැත්තට හැරුනනම් මේක Comedy ගණයට අයිති වෙන එකක්. මුළු සලරුව පුරාවටම හිනා වෙවී බලන්න පුළුවන් වෙයි.
තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂනය හැම දෙයක්ම Biju Viswanath විසින් කර ඇති අතර රංගනය සඳහාත් ඔහු දායක වෙනවා.
සිද්ද වෙන කථාව කියන්න ඕනෙම නැති තරම්. කිව්වොත් වැඩක් නෑනෙ. කෙටියෙන් මෙහෙම කියන්නම්. සත්‍යා කියන්නෙ ගිලන් රථයක EMT කෙනෙක් (හදිසි අනතුරු වෛද්‍ය ශිල්පියෙක්) විදිහට වැඩ කරන කෙනෙක්. දවසක් මෙයාලට කෝල් එකක් එනවා කෙනෙක් (කයිලාසම්) ට හෘදයාබාධයක් ඇවිත් ඉක්මනටම එන්න කියලා. කොහොමරි සත්‍යා තමන් එක්ක එකට වැඩකරන (ඒ ගිලන් රථයෙ රියදුරු වන ආරුමුගම්) සමඟ මේ හදවත් රෝගියව අමාරුවෙන් හරි හොයාගෙන යනවා. කොහොම හරි හොයාගන්නවා. එතන ඉඳං වෙන දේවල් ඔබට බාරයි නරඹන්නට…
එහෙනම් කමෙන්ට් එකක් දාලා යන අයව අගය කරනවා… එහෙනම් බයිස්කොප් එකට එන යන හැමෝටම ජය… ඊළඟ උපසිරසෙන් ළඟදිම හමු වෙමු…