
ඔන්න ඉතින් තවත් ඇනිමේෂන් එකක් ආයෙත් අරගෙන ආවා. මේකෙ හොඳ වීඩියෝ පිටපතක් එන්න කලින්ම දැනුම් දීලා, ආවට පස්සේ මේක වෙන් කරලා දුන්නෙ වෙනද වගේම අපේ සමීර චතුරංග සහෝ. ඉතින් මුලින්ම එයාට ස්තූතියි.
වැඩේ ගත්තට මොකද ටිකක් කල් ගියා නේ? හේතුව මේකයි, දන්නවනෙ, උපසිරසක් ඉක්මනින් කරන්න හොඳ වීඩියෝ පිටපත් සහ ඉංග්‍රීසි උපසිරැසි ගොනුවක් (මට) අවශ්‍යයි. ඉතින් මේකෙ හොඳම වීඩියෝ පිටපත අගෝස්තු 28 නිකුත් වුණා. නමුත් ඉංග්‍රීසි උපසිරැසිය ආපු නැති නිසා මම හෙමීට වෙනත් භාෂාවල උපසිරැසි අරගෙන ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඒවා තමයි සිංහලට හැරෙව්වේ. ලයින් 400ක් පමණ උපසිරැසි ගැන්වුවායින් පස්සෙ තමයි හොඳ තත්වයෙ ඉංග්‍රීසි උපසිරැසියක් ආවෙ. ඒකත් හොයල දුන්නට සමීර චතුරංග සහෝට ස්තූතියි. ඒ වෙනකොට පාසල් පටන්ගත්ත නිසා බොහොම අමාරුවෙන් තමයි උපසිරැසිය මේ වෙලාව වෙනකොට හරි ගෙනාවෙ. ඉතින් මේක එනතුරු බලාගෙන හිටිය අයගෙන් සමාව ඉල්ලා සිටිනවා… අපෝ කියවිල්ල ඇති දැන් හරි අපි දැන් චිත්‍රපටය දිහාවට හැරෙමු!
අද මම ගෙනාවෙ මේ අවුරුද්දෙ ජූනි 1 වෙනිදා නිකුත් වුණු හරිම ලස්සන සහ ආදර්ශවත් කතාවක්. මේක Adventure, Comedy වර්ගවලට අයත් වෙනවා. මෙය අධ්‍යයක්ෂණය කර තිබෙන්නේ Toby Genkel සහ Sean McCormack වේ. මෙහි රචකයන් වන්නේ Richie Conroy, Toby Genkel, Mark Hodkinson සහ Marteinn Thorisson ය. දැන් කතාව පැත්තට යමු…
මෙහෙමයි කතාව සිද්ධ වෙන්නෙ, ජලගැල්මක් වෙන්න යනවා කියලා සත්තුන්ට අනතුරු ඇඟවීමක් ලැබෙනවා. එයින් බේරෙන්නනම් ලොව පුරා ඉන්න හැම සතෙකුටම එක තැනකට රැස් වෙන්න කියලා දැනුම් දෙනවා. ඉතින් සෑම සතෙකුම මෙතැනට රැස් වෙනවා. හැබැයි සමහර සතුන්ව නැවට ගන්නෙ නෑ, උන්ව ප්‍රතික්ෂේප වෙනවා. එහෙම ප්‍රතික්ෂේප වෙන දෙන්නෙක් තමයි ෆිනී සහ ඔහුගෙ තාත්තා. ඔවුන් නෙස්ට්‍රියන් යන සත්ව වර්ගයට අයත්. නෙස්ට්‍රියන් යන සත්ව කොට්ඨාසය සෑම තැනකම වගේ ඉතා අලංකාරවත් නිවසක් හදාගන්න දක්ෂතාවයෙන් යුතුයි. ඉතින් මේ ප්‍රතික්ෂේප වීම ගැන දැනගත්තම ෆිනී ගොඩක් දුක් වෙනවා. නමුත් ඔහුගෙ තාත්තා පොරොන්දු වෙනවා ෆිනීව නැවේ ගෙනියනවමයි කියලා.
ඉතින් බලන්න, මේ උත්සහයෙදි ඔවුන්ට මොන මොන දේ කරන්න වේවිද? ඔවුන් සාර්ථක වේවිද? ෆිනීගේ තාත්තා ෆිනීට දුන් පොරොන්දුව ඉටු කිරීමට හැකි වේවිද කියා….
කතාව ඇතිනෙ. දැන් අමතර කරුණක් කියන්න කැමතියි. මා මේ චිත්‍රපටය දකින විදිහට හුදෙක් විනෝදය සඳහා සෑදු චිත්‍රපටයකි. මෙහි ඇතැම් ස්ථානවල නෝවාව අනවශ්‍යය ලෙස අවමානයට ලක් කරලා තියෙනවා. ඒ වගේම නෝවගෙ ජලගැල්ම වෙන්න පෙර මාංශ භක්ෂක, ශාක භක්ෂක හා සර්ව භක්ෂක කියා සත්ව වර්ග නොතිබූ බවත් සෑම සතෙකුම ඒ කාලෙදි ශාක භක්ෂක බවත් කියන්න කැමතියි. එනමුත් ආදර්ශමත් විදිහට ළමයින්ටත් වැඩිහිටියන්ටත් බලන්න පුළුවන් කතාවක් කිව්වොත් හරි. ඒ නිසා මේ කරුණු චිත්‍රපටය නොබල ඉන්න හේතුවක් කරගන්න එපා…
හැමදාම වගේ කමෙන්ට් එකක් දාලා යනවනම් ගොඩක් අගය කරනවා!
එහෙනම් බයිස්කෝප් එකට එන යන හැමෝටම ජය!
ඊළඟ උපසිරසෙන් හමු වෙමු!
Great Work Bro 😀
LikeLiked by 1 person