The Little Prince (2015) with Sinhala Subtitle | පුංචි කුමරු. [සිංහල උපසිරැසි සමඟ] (15)

(15) The Little Prince (2015)

කොහොමද ඉතින් යාළුවනේ? කට්ටියට මාව මතකද මන්දා! මාස 2කට පස්සෙ නොවැ! කොහොම වුණත් මේ පාර මම අරගෙන ආවේ 2016 මාර්තු 18 නිකුත් වෙන්න නියමිත The Little Prince (2015) කියන ඇනිමේෂන් චිත්‍රපටය අරගෙනයි. මේක මුලින්ම බාර අරගෙන තිබුණේ අපේ කාටුන් අක්කා, ඒ කියන්නේ නිර්මාණි අක්කා තමයි. ඒත් ඉතින් මේක මම කරන්න ඇහුවම කිසිම ලෝභකමක් නැතිව මට කරන්න දුන්නා, ඉතින් මුලින්ම ඔයාට ස්තුති කරනවා. ෆිල්ම් එක බාර දුන්න අපේ විමා අයියටත් ස්තුතියි.

චිත්‍රපටය පැත්තට හැරුණොත් මේක Animation, Fantasy කියන වර්ගීකරණයන්ට අයත් වෙන එකක්. අධ්‍යක්ෂණය Mark Osborne විසින් සිදු කර ඇති අතර නිෂ්පාදනය Dimitri Rassam, Aton Soumache හා Alexis Vonarb කර තිබෙනවා. මේ චිත්‍රපටය පදනම් වී ඇත්තේ 1943 වසරේදී Antoine de Saint-Exupéryගේ The Little Prince නමින්ම නිකුත් වූ නවකතාවයි. චිත්‍රපටයේ Budget එක $ මිලියන 77.5 වන අතර Box office $ මිලියන 67.6 වෙලා තියෙනවා.

කෙටියෙන් කතාව කියන්නම්, පුංචි ගෑණු ළමයෙක් ඉන්නවා එයා ඉන්නේ පෘතුවියේ. එයාගේ අම්මට ඕණෙ වර්ත් කියන විද්‍යාලයට එයාව ඇතුළත් කරලා එයාව හොඳ වැඩිහිටි පුරවැසියෙක් කරන්නයි. ඒ ගැණු ළමයට දවසක් සීයා කෙනෙක් හමු වෙනවා. එයා අහස් යාත්‍රිකයෙන්. එයාට පුදුමාකාර අත්දැකීමක් තියෙනවා. ඒක දැනගන්නනම් කතාව බලන්න වෙනවා. එයා නිසාත් ඒ කතාව නිසාත් ඒ ගෑණු ළමයගේ ජීවිතය ගොඩක් වෙනස් වෙනවා. ඒ ගැණු ළමයා ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ඒ සීයා ඒ ළමයට කියනවා යම් කතාවක්, ඒ තමයි පුංචි කුමරුගේ කතාව. පුංචි කුමරු ඉන්නෙ ඕණම දෙයක් කරන්න පුළුවන් ලෝකෙකයි. හැබැයි මේ හැම දේම නරක අතට යන සිදුවීමක් වෙනවා. ඉතින් මේක කාට විසඳන්න පුළුවන් වෙයිද? කවුද මේක විසඳන්නේ?

ලොකු පාඩමක් මේ කතාවෙන් ලොකු පොඩි හැමෝටම ඉගෙනගන්න පුළුවන්. ලිපිය ලිව්වේ ටිකක් මහන්සියෙන්. ඉතින් අවුල් වගේනම් සමාවෙන්න. එහෙනම් තවත් උපසිරසකින් හමුවෙමු. ජය.

“Growing up is not the problem. Forgetting is.”


 

චිත්‍රපටය සහ උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


 

Advertisements

2 thoughts on “The Little Prince (2015) with Sinhala Subtitle | පුංචි කුමරු. [සිංහල උපසිරැසි සමඟ] (15)

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )