Chicken Little (2005) with Sinhala Subtitles|කුකුළු පැටියගේ ඔළුවට ඇවිත් වැදුණේ ඇත්තටම ඕක් ගෙඩියක්ද? අහසද? නැත්නම් වෙන මොකක්හරිද? [සිංහල උපසිරැසි සමඟ] (17)

(17) Chicken Little (2005).jpg

කොහොමද ඉතින් යාළුවනේ… මම තමයි කුකුළු පැටියා. මම ගැන කතාව ඔයාලා අහලා ඇති, හැබැයි බාගෙට.

හරි මුලින්ම මම කියන්නම්කො මුල ඉඳංම මට සිද්ධ වුණු දේවල් ටික.
දවසක් මගේ ඔළුවට මොකක්දෝ දෙයක් ඇවිත් වැදුණා. ඒක ආවේ අහසින් කියලා මටනම් විශ්වාසයි. ඒ වැටුණු කෑල්ල හරියට නිකං පාරෙ නවතිනු, කියලා තියෙන බෝඩ් එකක් වගෙයි. ඒක වුණේ හරියටම මම ඕක් ගහ යට ඉඳිද්දීයි. මම විශ්වාස කළා, ආයෙ දෙකක් නැහැ ඒ අහස කඩාගෙන වැටෙන්න යන එකේ පෙර නිමිත්තක් කියලා. මම මේ ගැන අනතුරු අඟවන්න හැමෝටම අපේ ඉස්කෝලේ සීනුව නාද කළා. ගමේ හැමෝම ආවා. ඒත් මම සිද්ධිය පැහැදිලි කරද්දී ඒගොල්ලෝ කිව්වේ ඒ මගේ ඔළුවෙ වැදුණෙ ගහෙන් වැටුණු ඕක් ගෙඩියක් කියලා. දුක කියන්නේ, මගේ තාත්තාත් මම කිව්ව දේ විශ්වාස කළේ නැහැ. එයා ගමේ අයගෙන් මගෙන් වුණේ වැරැද්දක් කියලා සමාව ඉල්ලුවා. තාත්තා ගොඩක් ලැජ්ජාවට පත් වුණා. රටේ ලෝකෙ පවා ඒ සිද්ධිය නිසා මාව සමච්චලයට අරගෙන චිත්‍රපට, කැසට්, සීඩී, පොත්, බඩු භාණ්ඩ ආදිය පවා නිර්මාණය වුණා.

මම හිතන්නේ ඔයාලාත් තාම මම ගැන වැරදි අවබෝධයෙන් ඇති. ඔයාලත් හිතනවා ඇත්තේ මම අහස කඩං වැටෙනවා කිව්වත් ඇත්තටම මගේ ඔළුවට වැදුණේ ඕක් ගෙඩියක් හරි වෙනත් යමක් කියලා හරි වෙන්න ඇති.
නමුත් පසුවට සිද්ධ වුණු දේවල් ඔයාලගෙන් ගොඩක් දෙනෙක් දන්නෙ නෑනෙ.

රටේම මමයි තාත්තයි ලැජ්ජාවෙන්, අපහසුතාවෙන් ඉන්න අතරේ අලි මදිවට කොටි වගේ මට ඉස්කෝලෙදිත් ලැජ්ජා වීම් වලට භාජනය වෙන්න සිද්ධ වුණා. හැබැයි මට මාව විශ්වාස කරන හොඳ යාළුවො ටිකක් මගේ ඉස්කෝලෙ හිටියා. ඒ අයගෙ නම් මතක් නොකළොත් මම හිතන්නේ මම කරන්නෙ අඩුවක්. මගේ හොඳම යෙහෙළිය වුණේ ඇබී. එයාට අනිත් අයනම් කිව්වේ කැත තාරා පැටියා කියලා. මගේ අනිත් යාළුවා මාළුවෙක්. එයාගෙ නම මාළුවා ම තමයි. අනිත් යාළුවා ඌරෙක්. එයාගෙ නම රන්ට්. ඔය යාළුවො අතරෙත් මාව අමාරුවෙ දාන්න හදපු කපටි නරියෙක් වුණු ෆොක්සි යෙහෙළියත් නැතිවම නෙමෙයි. කවුරු විශ්වාස නොකළත් අහස කඩං වැටීමේ ප්‍රශ්ණය ඇත්ත යමක් කියලා අපේ මුළු ලෝකයටම පිළිගන්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ තරු පෙනුණම තමයි ලෝකෙට මාව මතක් වෙන්නේ…

විශේෂයෙන්ම කියන්න ඕණෙ දෙයක් තියෙනවා. මගේ මේ කතාව අධ්‍යයක්ෂණය කළේ Mark Dindal විසින්. ඒ වගේම මට වෙච්ච මේ සැබෑ සිදුවීමට සම්මාන 4ක් දිනාගන්න පුළුවන් වුණා වගේම තව සම්මාන 15කට නාමයෝජනාත් ලැබුණා. IMDb එකේ 5.8ක ලකුණු ප්‍රමාණයකුත් හිමි වුණා.

ඉතින් ඔයාලට ආරාධනා කරනවා මට වුණ ඇත්තම සිදුවීම නරඹන්න කියලා.
ගිහින් එන්නම්…

4 wins & 15 nominations. See more awards »


චිත්‍රපටය සහ උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


Advertisements

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )