Bambi II (2006) with Sinhala Subtitle | නිර්භීත බැම්බි කුමරු… [සිංහල උපසිරැසි සමඟ] (22)

bambi-ii-2006

කොහොමද ඉතින්? මේ චිත්‍රපටයෙ පළවෙනි කොටස Bambi (1942) මීට කලින් මම ගෙනාව මතක ඇතිනෙ. මුලින් ඒක බලල නැත්නම් බලලම ඉන්න. * ආහ් ඒ වගේම පහළ ලිපිය කියෙව්වොත් පළවෙනි කතාවෙ පොඩි තොරතුරුක් දෙකක් තියෙනවා. * SPOILER ALERT! 😀

මුලින්ම Bambi (1942) ලිපියෙ කිව්ව දෙයක්ම මට ආයෙත් කියන්න වෙනවා.මුලින්ම කියන්න ඕණෙ, අද එන අළුත් ඇනිමේෂන්වලට වඩා ලොකු වෙනසක් තියෙනවා. මමත් මේක නොබල හිටිය චිත්‍රපටක්. ඒ වුණත් බැලුවට පස්සෙ තමයි උපසිරසත් කරන්න ආසාව ආවේ. ඒ තරම් අමුතුම ලස්සනක්, ආදර්ශමත්බවක් තියෙනවා. පොඩි අය විතරක් නෙමෙයි ලොකු අයත් ගොඩක් කැමති වෙයි මේක බලන්න. ඉතින් ආරාධනා කරනවා මේක බලන්න කියලා.

අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Brian Pimental විසිනුයි. IMDb 6.1ක් ගත්ත මේ චිත්‍රපටයට සම්මාන ජයග්‍රහන 1කුත්, තවත් නාම යෝජනා එකකුත් තියෙනවා.

මතකයිනෙ පළවෙනි කොටසෙදි බැම්බිට එයාගෙ අම්මව අහිමි වෙනව. එතනින් පස්සෙ වෙන කතාව තමයි මේ. බැම්බිගෙ තාත්තා එහෙම නැත්නම් කුමාරයා බකමූණු යාළුවාගෙන් උදව්වක් ලබාගන්න කොටසකින් තමයි මේ චිත්‍රපටය පටන්ගන්නෙ. උදව්ව තමයි බැම්බිව රැකබලාගන්න හොඳ මුව දෙනක්ව හොයල දෙන එක. හැබැයි බැම්බිගෙ තාත්තටම තමයි වැඩේ පැටවෙන්නෙ. රැළ රැකබලාගැනීමෙ වගකීමත් ඔහුගේ නිසා සහ බැම්බිගෙ වැඩ නිසා ඒක කරන එක ඔහුට අභියෝගයක් වෙනවා. මේ නිසා බැම්බිව ඔහු එක්ක අරගෙන යන එක ඔහු නතර කරනව. දැන් ඉඳන් බැම්බිට එයාගෙ තාත්තා වගේම නිර්භීත කෙනෙක් වෙන්න, නිර්භීත වෙලා ඒක එයාගෙ තාත්තට පෙන්නන්න ඕණෙ වෙනවා. ඒකට එයාගෙ යාළුවො එහෙමත් උදව් වෙනවා. එහෙමනම් ඉතින් බැම්බි කුමරුට නිර්භීත වෙන්න පුළුවන් වෙයිද කියල දැනගන්න මේ කතාව බලන්න.

ප.ලි. මම උපසිරස හැදුව කොපිය හින්දි එකක්. ඒ වුණාට රසවින්දනයට කිසිම හානියක් නොවන බව සහතික වෙනවා.

තවත් දවසක උපසිරසකින් හමුවෙමු…

“ඔයාව බය වුණොත්, ඔයාව බය කරන දේ
ඔයාට වඩා බය ගන්වන්න.” – තම්පර්. 😀

1 win & 1 nomination. See more awards »


චිත්‍රපටය සහ උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


Advertisements

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )