Space Dogs Adventure to the Moon (2016) with Sinhala Subtitles | අභ්‍යාවකාශ සුනඛයින්: කොළ රැස් එළියේ අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (28)

බෙල්කා සහ ස්ට්‍රෙල්කා කියන්නේ රුසියාවේ ප්‍රසිද්ධ අභ්‍යාවකාශ සුනඛයන් දෙන්නෙක්. දැන් අභ්‍යාවකාශ ගමන් නතර කර තිබුණත් බෙල්කා සහ කස්බෙක්ගේ පුත් පුෂොක්ගේ එකම ආසාව අභ්‍යාවකාශ සුනඛයෙක් වෙන්නයි.

ඒ වුණත් බෙල්කානම් පුෂොක්ගේ ආසාවට කැමති නැහැ ඒකෙ තියෙන භයානකකම නිසා. අම්මලා කොහොමත් එහෙමනේ නේද? කස්බෙක්ටනම් තමන්ගේ පුතාගේ ආසාව ඉටු වෙනවනම් කැමතියි. පුෂොක්ට දවසක් ඇමරිකාවේ ධවල මන්ධිරයේ සංචාරයකට යන්න හැකි වෙනව. ඒ අතරේ අභිරහස් කොළ පාට රැස් කදම්බයක් පොළොවට ඇවිත් තියෙන දේවල් හඳ දිහාවට උස්සගෙන යනවා. මොකක්ද මේ කොළ පාට රැස් එළිය? ඒක ගැන හොයාගන්න වගකීම බාර වෙන්නේ කස්බෙක්ට. මේ අතර ඇමෙරිකාවෙනුත් මේ කොළ එළිය ගැන හොයන්න පටන් අරං. දන්නවනෙ රුසියාවයි ඇමරිකාවයි. මොකද රුසියාවට ඕනෙ ඇමෙරිකාවට වඩා ඉස්සර වෙන්න, ඇමෙරිකාවට ඕනෙ රුසියාවට වඩා ඉස්සර වෙන්න. හරි තරඟකාරියි. කස්බෙක් රුසියාවෙන් රොකට්ටුවක හඳට යන්න සූදානම්. සාර්ථකව යන්නත් එයාට පුළුවන් වෙනවා. හැබැයි කස්බෙක්ට පෘතුවිවයෙ අය එක්ක තිබුණු සම්බන්ධතාවය නැති වෙලා යනව. කස්බෙක්ට මොනව වුණාද කියල දැන් කවුරුත් දන්නෙ නැහැ.

මොකක්ද මේ අභිරහස් කොළ එළිය? කස්බෙක්ට මොකද වුණේ? පුෂොක්ගෙ ආසාවට ඉටු වෙයිද? තමන්ගෙ තාත්තා ගැන දැනගත්තම ධවල මන්ධිරයට ගිය සංචාරයට මොනව වෙයිද? ආපහුනම් අභ්‍යාවකාශ ගමන් නොයන්න හිතන් ඉන්න බෙල්කා සහ ස්ට්‍රෙල්කාට මොන වෙයිද? මේ ප්‍රශ්ණවලට උත්තර දැනගන්නනම් මේ ලස්සන ඇනිමේශන් චිත්‍රපටය බලන්න.


චිත්‍රපටය සහ උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


Advertisements

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )