Ali and Nino (2016) with Sinhala Subtitle | අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ] (31)

උකුස්සෙකුට සමාන තියුණු බැල්ම, සිත් ඇදගන්නා සිනාව, එකදු රැවුල් ගසකට හෝ හිස එසවීමට ඉඩ නොදුන් දිගටි මුහුණ, රාජකීය ගමන් ලීලාව. ඒ තරුණයා මාව පිස්සු වැට්ටුවේ දැකපු පළවෙනිම දවසෙමයි.

වෙනතකට අවධානය යොමු කරන්න හැදුවත් මටත් නොදැනීම මගේ ඇස් එයාව ලුහුබඳින්න අරන්. කවදාවත් මෙහෙම වෙලා නැහැ, මෙහෙම අතරමං වෙලා නැහැ. අන්න.. අන්න එයත් මං දිහා බලනවද කොහේදෝ… ඔව් බැලුවා තමයි. මුහුණේ යන්තමට හිනාවක්.. මගේ මුළු හිතම සීතල වෙලා ගිහින්.. කවුද එයා??

ජෝර්ජියානු කුමාරිකාවකගේ හිත අතරමං කරපු ඒ කොල්ලා කවුද??

“අලිඛාන්” කවුදෝ එයාගේ නම කියනවා ඇහුණා. දෙයියනේ, එයා මුස්ලිම්!!

සැකයක් නෑ හඳ පවා ඇයට දෙවැනි වෙනවා ඇති. ඒ රතු දෙතොල, කැරලි ගැහුණු කොන්ඩය.. ආඩම්බරයි වගේ. වෙන්නැති කුමාරියක්නේ. අම්මටයි තාත්තටයි මැදි වෙලා වටපිට බල බල ඉන්නේ, කා එක්කවත් කතා නැහැ. මං දිහා බැලුවද නැත්තම් මට එහෙම හිතුනද?? අන්න ඒ සුදු මුහුණ රතු වෙන්න අරන්. ඒ පාර පැත්තක් බලන් හිනාවෙනවා. ගැහැණු ළමයෙක් ගැන මෙච්චර විපරම් කරපු කාලයක් මට මතක නැහැ. මොනවා වෙලාද මට? හ්ම්ම්ම්, එයා කුමාරිකාවක්. ඇරත් ජෝර්ජියානු කතෝලික. ඉතින් ඇයි මම මෙහෙම????

“ඔයා වෙන නෝනලා ගේන්නේ එහෙම නෑනේ?” මුස්ලිම් අය කසාද හතක් බඳින හින්දා එයා එහෙම අහන්න ඇති.
“මම ඔයාලගේ ආගමට එන්න ඕනද?” තවත් ප්‍රශ්නයක්.

මම දෙගිඩියාවෙන් ඇහුවේ ප්‍රශ්න දෙකයි. එයා හිනාවෙනවා. අර මාව පිස්සු වට්ටන හිනාව..
“නෑ” එයා උත්තර දුන්නා. තාමත් හිනාවෙනවා. හැමදේම හොඳින් සිද්ධ වුණා නේද? මගේ හිත සතුටෙන් කෑමොර දෙනවා.

ඒත් දෙවියන් අපට එහෙම කාරුණික වුණාද?
ඉරණම අපිට උදව් කරාද?
අපිව එකතු කරන්න ආපු ඒ “දුෂ්ටයා”
නිදහස ඉල්ලා හඬපු “අසර්බයිජානය”
රැවටීම.. යුද්ධය.. ලේ… ලේ.. හිත් පිත් නැති නිදහස..
ඒත් එක්කම,
අසරණ අපි දෙන්නා!!!!

අසර්බයිජානු මුස්ලිම් ජාතික තරුණයෙක් සහ ජෝර්ජියානු කතෝලික තරුණියක් අතර ඇතිවුණු අනුවේදනීය ආදර අන්දරයක් පදනම් කරගෙන ලියවුණු නවකතාවක් තමයි Ali and Nino කියන්නේ. ,මේ වෙද්දී භාෂා 30කට අධික ප්‍රමාණයකට මේ පොත පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේමයි මුද්‍රණ වාර 100 පසු කරලා තියෙනවා. ඉතින් මේ පොත, ලෝකයේ කියවන ජනතාව මොන තරම් පිස්සු වට්ටලද කියලා කාටත් හිතාගන්න අමාරු නැතුව ඇති. මේ උමතුව සිනමා ප්‍රේක්ෂකයන්ටත් ලබාදෙන්න ඔස්කාර් සම්මාන ලාභී අධ්‍යක්ෂක අසෛෆ් කපාඩියාට හිතිලා තියෙනවා. ඒ අදහස ඔස්සේ පැළවුණු බීජය මහ ගසක් විදිහට 2016 ජනවාරි මාසෙදි එළි දකිනවා. කාගේ කාගේත් නොමද පැසසුම් වලට ලක්වෙන අලීගෙයි නිනෝගෙයි ආදර කතාව ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.9ක අගයක් සටහන් කරන්නත් සමත් වෙලා තියෙනවා. තවත් අටුවාටීකා අවශ්‍ය නැහැනේ. ඉතින් මේ අමරණීය ආදර කතාවේ අවසානය හරියටම නිශ්චය කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම බලන්න කියලා ඉල්ලා සිටිනවා.

ලිපිය ලස්සනටම තියෙනවා නේද? මේ ලස්සන ලිපියත් ලියලා දුන්නේ ඉතින් වෙන කවුරුත් නෙමෙයි, අපේ මයුර අයියා. ඉතින් ලිපිය වෙනුවෙන් මයුර අයියට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම අසංක සහෝටත් ස්තුතිවන්ත වෙනවා මට මේ චිත්‍රපටය ලබා දෙන්න අවස්ථාව ලබා දුන්න එකට.


සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


Advertisements

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )