Flash මීළඟ කොටස නැරඹීමට පෙර… (මෙවර දැවැන්ත ඉඟියක් එළියට…)

පැත්තකට දැමූ බැරී ඇලන්ගේ කාල අවශේෂය, සැවිටාර්ගෙ අත් දෙකෙන් සිදු කරන, අයිරිස් වෙස්ට්ගේ මරණය වැළැක්වීමට ෆ්ලෑෂ් කණ්ඩායම දරණ උත්සාහය තමයි ගොඩක්ම මේ සීසන් එකේ තේමාව බවට පත් වුණේ.

ඇත්තටම මේ මරණය නවත්වලා අනාගතය වෙනස් කරන්න බැරි බව තේරුම්ගත්තේ අයිරිස් වෙස්ට් විතරයි කියලා හිතන්න පුලුවන්. ඒක අයිරිස් කියන දේවල්වලින්ම පැහැදිලියි, සහ ගියවර කොටසින් දැක්ක විදිහට අයිරිස්ගේ සිතුවිල්ල හරි.

අනාගතය වෙනස් කරන්න ෆ්ලෑෂ් කණ්ඩායම මුළු වෑයම දැරුවත්, සැවිටාර් ෆිලෝසෆර් ගල පාවිච්චි කරලා ඒ වෑයම් සියල්ල ව්‍යර්ථ කරලා දානව. ෆිලෝසෆර් ගලේ බලය රඳා පවතින්නේ ස්පීඩ් ෆෝස් එකෙන් නිසා ස්පීඩ් ෆෝස් එක විසින් සැවිටාර්ව ස්පීඩ් ෆෝස් බසූකා ගන් එකෙන් ආරක්ෂා කරනවා. (ඌරගේ පිටේ ඌරාගේ මාළු කැපීම)

සියලු දේවලින් ෆ්ලෑෂ් අතීතයේ අනාගතය ගැන දැක්ක විදිහටම අයිරිස් මිය ගියා අපි දැක්කා.

දැන් හටගන්න ප්‍රශ්ණය තමයි අයිරිස් නැත්තන්, කෝ බැරී ඇලන්ගේ සැබෑ ආදරේ? මේකට විසඳුමක් අපිට මෙහෙම හිතන්න පුලුවන්. සමහරවිට අයිරිස්ව නැවත ෆ්ලෑෂ් කතාවට ගෙනෙයි. ඒ කොහොමද කියලා කතා කරමු දැන්.

ඇරෝ කතා මාලාවෙදි අපි දැක්කා සාරා ලාන්ස් මැරෙනවා, එයාව නැවත නැඟිට්ටෙව්වා ලාසරස් පිට් එක පාවිච්චි කරලා. ඒ විදිහට අයිරිස්ව නැවත නැඟිටුවයිද? එහෙම නැත්නම්, වෙනත් ලෝකයකින් හරියට වෙල්ස් කෙනෙක්ව ගෙන්නුවා වගේ අයිරිස් කෙනෙක්වත් ගෙන්නන්න ඉඩ තියෙයිද? තව අතකින් අපි දැක්කා එච් ආර් ගේ මූණු වෙනස් කිරීමේ ගැජ මැටික් එකක්. ඔව් ලා ලා වගේ බැරී වෙස් වලාගත්තෙත් එහෙමයි. සැවිටාර් අතින් මැරුම් කෑවේ අරිස් නැතුව වෙස් වළාගත්තු වෙන කෙනෙක් වෙන්න පුලුවන්ද? මේක බ්ලොග් එකක තිබුණු කරුණක්…

ඔය කරුණු කාරණා නිසා තාමත් අපිට තීරණයකට එන්න බැහැ අයිරිස් හරියටම මිය ගියාද නැද්ද කියලා…

ඔය අස්සේ ඇරෝවර්ස් එකේ වොන්ඩර් වුමන්ට සම්බන්ධ ලොකුම ඉඟිය ඔන්න පහුගිය ෆ්ලෑෂ් කොටසින් එළියට දැම්මා.

Flash-Wonder

​අපි දැක්කා බල ශක්ති ප්‍රභවය හොරකම් කරන්න බැරියි, ස්නාටුයි ආගස් එකට යනවා. ඒ වෙලාගේ ග්‍රොඩ්ගේ කූඩුව එහෙම පාස් කරගෙන යනවා. ඔහොම කූඩු පාස් කරගෙන යද්දි අපට පෙන්වනවා චීටා කියලා ගහල තියෙන කූඩුවක්…

Cheetah

කවුද මේ චීටා?

Wonder-Cheetah

වොන්ඩර් වුමන්ගේ ලොකුම සතුරෙක් තමයි මේ චීටා කියන්නේ. චීටාගේ පටන්ගැන්මටනම් විවිධාකාර කතා තියෙනවා, හරියට සුපීගෙයි ලෙක්ස්ගෙයි කතාවේ වගේ. කොහොම වුණත් ඔන්න ඒ ගැනත් මතක් කරන්න හිතුවා…

ලබන සතියෙත් ලිපියකින් හමු වෙමු…​

Advertisements

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )