Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) | ක්‍රිස්ටෝෆර් රොබින් සොයා බිහිසුණු වික්‍රමයක [සිංහල උපසිරැසි සමඟ] (44)

මීට කලින් විනී ද පූ ගැන සම්පූර්ණ ලිපියක් The Many Adventures of Winnie the Pooh (1977) තුළින් පල කරලා තියෙනවා. අනිවාරෙන්ම ඒක කියවන්න විනී ද පූ ගැන ලොකු විස්තරයක් මුලින්ම දැනගන්න ඕණෙ අය. එහෙම ඕණේ නැති අය පළවෙනි විනී ද පූ Animated Feature චිත්‍රපටය වන ඒක බලලා හරි ඉන්න කියලා ආරාධනා කරනවා. මේ ඊට පස්සේ 1997දී නිකුත් වුණු චිත්‍රපටයයි. කලින් එක නොබලා වුණත් මේක බලන්න පුලුවන්, ලොකු සම්බන්ධයක් කතා දෙක අතරේ නැති නිසා. 
මේ චිත්‍රපටයේ කතාව ගැන කතා කරද්දි, විනී ද පූ සහ මිතුරු කැල සමග ඉන්න ක්‍රිස්ටෝෆර් රොබින් හැමවිටම කරන ප්‍රාර්ථනය ඔයාලා දැනටමත් දන්නවා. ඒ බව කලින් චිත්‍රපටි බැලුවනම් පැහැදිලි වෙන්න ඇතිනේ. ඒ තමයි එයාලට සදහටම සහ හැමදාටම එකට ඉන්න ලැබෙන්න කියන ප්‍රාර්ථනය. හැබැයි දවසක් මේ දේ වෙනසක් සිද්ධ වෙනවා. එකටම ඉන්න මේ මිතුරු කැලෙන් ක්‍රිස්ටොෆර්ට වෙන් වෙන්න වුණොත් මොනවා වෙයිද? මේ බව කලින්ම ක්‍රිස්ටොෆර් පූට කිව්වත් පූගේ ඔලුවට මේ කාරණය යන්නේ නෑ. ක්‍රිස්ටොෆර්ට ඉස්කෝලේ යන්න වෙනවා. මේ වෙලාවේ හැම දේම පටලගෙන කලබල වෙලා පූ සහ එයාගේ යාළුවෝ ටික වෙන, පිග්ලට්, ඊයෝ, ටිගර් සහ අව්ල් මොනවා කරයිද කියන දේ චිත්‍රපටයෙන්ම බලන්න ඉතිරි කරන්නම්.

අධ්‍යක්ෂණය Karl Geurs විසින් සිදු කර ඇති අතර කතාව ලියලා තියෙන්නේ A.A. Milne, Karl Geurs සහ Carter Crocker කියන අය. හඬකැවීම් ශිල්පීන්ගේ නම් මතක් කළොත්, Jim Cummings විනී ද පූ ලෙසත්, John Fiedler පිග්ලට් ලෙසත්, Ken Sansom රැබිට් ලෙසත්, Andre Stojka අව්ල් ලෙසත්, Peter Cullen ඊයෝ ලෙසත්, Paul Winchell ටිගර් ලෙස සහ Brady Bluhm ක්‍රිස්ටෝෆර් රොබින් ලෙස හඬකැවීමෙන් දායක වෙලා තියෙනව. Animation | Adventure | Comedy | Family | Musical කියන වර්ගීකරණයන්ට අයත් වුණු මේ චිත්‍රපටය IMDbහි 7.1 ලකුණු ප්‍රමාණයකුත් හිමි කරගෙන තියෙනවා. 
 

අප මෙතෙක් ලබා දුන් සියලුම Winnie the Pooh හා සම්බන්ධ චිත්‍රපට මේ විදිහට පෙළගස්වන්න පුලුවන්.

එහෙමනම් අදට සමුගන්නවා…
 
ජය…

සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )