The Tigger Movie (2000) | මේ ටිගර්ගේ කතන්දරයයි [සිංහල උපසිරැසි සමඟ] (45)

ටිගර් තමයි මම පොඩි කාලේ ඉඳලාම විනී ද පූ කතා සමූහයේ ආසම කරපු චරිතය. ඉතින් ‌මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අපේ ටිගර් ගැන තමයි. හැබැයි ඉතින් අනිත් හැම චරිතයක්මත් අපිට ‌මේ කතාවෙන් දැක බලාගන්න පුලුවන්.

චිත්‍රපටයේ කතාව ගැන ‌පොඩි විපරමක් කළොත්, ටිගර් එයා එක්ක පැනිල්ලේ යන්න ‌කෙනෙක්ව ‌හොයනවා. අවසානයේ ටිගර්ට ‌තේරුම් යනවා එයා එක්ක පැන පැන යන්න කැමති කිසිම යාළුවෙක් නැහැ කියලා. මොකද එයාලා ටිගර්ලා නෙමෙයිනේ. ඒත් රූනම් තවමත් කැමතියි ටිගර් එක්ක පනින්න යන්න. රූගේ අදහසක් නිසා මෙච්චර කල් තමන් විතරයි ටිගර් පරපුරේ ඉන්නේ කියලා හිතපු ටිගර් හිතනවා තමන්ගේ පවුල් ගහ, ඒ කිව්වේ තමන්ගේ පරම්පරාව හොයාගෙන යන්න. අපි බලමු ටිගර්ගේ පවුල් ගහ හෙවීමේ චාරිකාව මොන වගේ වේවිද කියලා…
 
අධ්‍යක්ෂණය Jun Falkenstein විසින් සිදු කර ඇති අතර කතාව ලියලා තියෙන්නේ Eddie Guzelian, Jun Falkenstein සහ A.A. Milne කියන අය. හඬකැවීම් ශිල්පීන්ගේ නම් මතක් කළොත්, Jim Cummings විනී ද පූ හා ටිගර් ලෙසත්, John Fiedler පිග්ලට් ලෙසත්, Ken Sansom රැබිට් ලෙසත්, Nikita Hopkins රූ ලෙසත්, Andre Stojka අව්ල් ලෙසත්, Peter Cullen ඊයෝ ලෙස සහ Tom Attenborough ක්‍රිස්ටෝෆර් රොබින් ලෙස හඬකැවීමෙන් දායක වෙලා තියෙනව. Animation | Comedy | Drama | Family | Musical කියන වර්ගීකරණයන්ට අයත් වුණු මේ චිත්‍රපටය 15,661දෙනෙකුගේ මනාපයෙන් IMDbහි 6.3 ලකුණු ප්‍රමාණයකුත් හිමි කරගෙන තියෙනවා.

සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )