101 Dalmatians (1961) AKA One Hundred and One Dalmatians Sinhala Subtitles | සුන්දර ආදරය පොදු මිනිසාට විතරද? [සිංහල උපසිරැසි සමඟ] (49)

තවත් සුන්දර ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ ගෙන එන්නට සූදානම. 

එක BFTA සම්මානයක් දිනාගෙන තියෙනවා වගේම තවත් සම්මාන 2කට නාම යෝජනා ලැබී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි136,911 දෙනෙකුගේ මනාපයෙන් 7.2ක ලකුණු ප්‍රමාණයක් ලබාගන්න සමත් වුණු චිත්‍රපටයක් තමයි මේක. චිත්‍රපටයට පාදක වෙන්නේ Dodie Smith විසින් රචිත 1956 එළිදැක්වුණු The Hundred and One Dalmations නව කතාවයි. පළමු වරට මෙය 1961දී තිරගත වෙනවා. ඒ වගේම 17වෙනි ඩිස්නි ඇනිමේටඩ් ෆීචර් චිත්‍රපටය වුණේ මෙයයි. ප්‍රධාන වශයෙන් හඬ දායකත්වය ලබා දී තිබෙන්නේ Rod Taylor (පොන්ගො), Betty Lou Gerson (කෘඑලා ඩි විල් / බර්ඩ්වෙල් මහත්මිය), Martha Wentworth (නැනී / ක්වීනි / ලුසී), Ben Wright (රොජර්), Cate Bauer (පර්ඩීටා) කියන අයවලුන් විසිනුයි…

කතාව සිද්ධ වෙන්නේ මෙහෙමයි. රොජර් කියන්නේ පොන්ගොගේ සුරතලා… නෑ ඔයාලා හිතපු විදිහ නෙමෙයි. පොන්ගො කියන්නේ ඩැල්මේෂන් වර්ගයේ බල්ලෙක්. එයාගෙ හාම්පුතා තමයි රොජර්. නමුත් පොන්ගො, රොජර්ව හඳුන්වන්නේ තමන්ගෙ සුරතලා විදිහටයි. පොන්ගො වගේම රොජර් කියන්නේ තනිකඩ දෙන්නෙක්. රොජර්ට නම් මේක ඒ හැටි ප්‍රශ්ණයක් නෙමෙයි. සංගීතය තමයි එයාගේ ජීවිතේ වුණේ. නමුත් පොන්ගොටනම් ඒක ප්‍රශ්ණයක් වුණා. ඉතින් ඉවසලා ඉවසලා රොජර් මේකට පිළියමක් හොයන්නේ නැති නිසා, අවසානයේ පොන්ගො තීරණය කරනවා තමන්ට සුනඛ සහකාරියකුයි, රොජර්ට කෙලි සහකාරියකුයි හොයාගන්න. පොන්ගො සාර්ථක වෙයිද? කතාවේ ඉතිරිය කොහොම ගලාගෙන යාවිද??

ඉතින් ඔතනින් ඇරඹෙන කතාව ගලාගෙන යන්නේ බොහොම අපූරු විදිහට. මම පැහැදිලි කිරීමනම් කරන්නෙ කෙටියෙන්  මොකද, මම කතාව කියලා දැම්මොත් ඔයාලාට විඳින්න චිත්‍රපටයේ රසයක් ඉතිරි වෙන්නේ නැහැ. කියන්නම ඕණේ දෙයක් තමයි, ගොඩක් පරණ ඇනිමේෂන් එකක් නිසා මම නොබලපු චිත්‍රපටයක් තමයි මේක. නමුත් මෙච්චර පැරණි නිර්මාණයක් වෙලත් පුදුම ලස්සනක් තමයි කතාවේ ගැබ් වෙලා තිබුණේ. ඉතින් ඒ ලස්සන දැකගන්න ඔයාලා හැමෝටමත් ආරාධනා කරන්න එක්ක මේ කතාවට උපසිරස කරන්න මට හිතුණා. 

අදට සමුගන්නවා…

ජය…


සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


One thought on “101 Dalmatians (1961) AKA One Hundred and One Dalmatians Sinhala Subtitles | සුන්දර ආදරය පොදු මිනිසාට විතරද? [සිංහල උපසිරැසි සමඟ] (49)

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s