101 Dalmations (1996) Sinhala Subtitles | ඩැල්මේෂන් පවුල [සිංහල උපසිරසි සමඟ] (55)

එක Golden Globe සම්මානයකට නාම යෝජනා ලබා තිබෙන අතර සම්මාන ත්‍රිත්වක් දිනාගෙන තියෙනවා තවත් සම්මාන 9ක් සඳහා නාම යෝජනා ලබා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි 97,168 දෙනෙකුගේ මනාපයෙන් 5.7ක ලකුණු ප්‍රමාණයක් ලබාගන්න සමත් වුණු චිත්‍රපටයක් තමයි මේක.

චිත්‍රපටයට පාදක වෙන්නේ Dodie Smith විසින් රචිත 1956 එළිදැක්වුණු The Hundred and One Dalmations නව කතාවයි. පළමු වරට මෙය 1996දී තිරගත වෙනවා. Glenn Close, Jeff Daniels, Joely Richardson, Joan Plowright, Hugh Laurie, Mark Williams සහ Tim McInnerny යන අය ප්‍රධාන වශයෙන් රංගන දායකත්වය සපයනවා. ඔයාලා 101 Dalmatians ඇනිමේටන් චිත්‍රපට ද්විත්වය බැලුවනම් මේ චිත්‍රපටයේ ලොකු වෙනසක් දකීවි. මේ චිත්‍රපටයේ කිසිම සතෙක් කතා කරන්නේ නෑ. හැබැයි ගොඩක් තාත්විකව කතාව ගලාගෙන යනවා.
කතාව සිද්ධ වෙන්නේ මෙහෙමයි. මුලින්ම අපිට බලාගන්න පුලුවන් පොන්ගො සහ පර්ඩි ඩැල්මේෂන් යුවළගේ ආදර කතාවෙ, රොජර් සහ ඇනීටා තරුණ යුවළගේ ආදර කතාවට මග පාදන්නේ කොහොමද කියලා. ඊළඟට බලාගන්න පුලුවන් මේ ඩැල්මේෂන් යුවළගේ වගේම රොජර් ඇනීටාගේ පවුල් වර්ධනය වෙන විදිහ. ඊළඟට කෘඑලා ඩි විල් කියන දුෂ්ඨ විලාසිතා නිර්මාණකාරියගේ පැමිණීම…

ඉතින් ඔතනින් ඇරඹෙන කතාව ගලාගෙන යන්නේ ගොඩක් ලස්සන විදිහට. තව විස්තර ගොඩක් කියන්න යන්නෙ නෑ, ඔයාලාටම විඳින්න චිත්‍රපටයේ රසය ඉතිරි කරලා මම යන්නම්.

 

අප මෙතෙක් ලබා දුන් සියලුම 101 Dalmations චිත්‍රපට.

101 Dalmatians (1961) –  පළමු Animation චිත්‍රපටය

101 Dalmatians II: Patch’s London Adventure (2003) – දෙවන Animation චිත්‍රපටය 

101 Dalmations (1996) – පළමු Live-Action චිත්‍රපටය

තවත් උපසිරසකින් හමුවෙමු. 


සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


One thought on “101 Dalmations (1996) Sinhala Subtitles | ඩැල්මේෂන් පවුල [සිංහල උපසිරසි සමඟ] (55)

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s