Zookeeper (2011) Sinhala Subtitle | තමන් තමන්ම වෙන්න [සිංහල උපසිරැසි සමඟ] (61)

ඔන්න එහෙමනම් මම ආපහු ආවා මට බලන්න මග ඇරුණු තවත් ලස්සනම කතාවක් උපසිරස එක්ක අරගෙනම. බලපු ගමන්ම හිතුවේ, මේකටනම් උපසිරසක් කරන්නම ඕණේ කියලයි.


ඉතින් මේ කතාව සත්වෝද්‍යාන පාලක ග්‍රිෆින් ගැනයි. කතාව පටන්ගන්නේ මෙහෙමයි. ග්‍රිෆින් කාන්තාවකට විවාහ යෝජනාවක් කරනවා. හැබැයි ග්‍රිෆින් බලාපොරොත්තු නොවුණු විදිහට, ඒ කාන්තාව ඔහුගේ යෝජනාවට කැමති වෙන්නේ නෑ. ඒ කාන්තාව කියන්නේ, ඔයා නෙමෙයි මගේ හීනවල ඉන්න පෙම්වතා කියලා‍. ඉන් අවුරුදු 5කට පසු කතාව තමයි අපිට මේ චිත්‍රපටය තුළින් බලාගන්න පුලුවන් වෙන්නේ. ග්‍රිෆින්ගේ හිතේ තාමත් ඒ කෙල්ල ඉන්නවා. ඉතින් ග්‍රිෆින් උත්සහ කරනවා ජීවිතේ වෙනස් කරගන්න. ග්‍රිෆින් සත්තු වත්තත් අතෑරලා දාලා යන්න ඔන්න මෙන්න ඉද්දි ඔයාලා නොහිතන විදිහකට මේ සත්වෝද්‍යාන පාලක ග්‍රිෆින්ට උදව් හිමි වෙනවා ඔහුගේ බලාපොරොත්තුව ඉටු කරගන්න එක වෙනුවෙන්. මම ඒ ගැන කියන්න යන්නේ නෑ. (හැබැයි ට්‍රේලර් එක බැලුවොත් නම් ඔයාලා දකිවී ඒ රහස ගැන…)

ඉතින් ඒ උදව් එයාට කොහොමද ලැබෙන්නේ කියලා කතාව බලලාම දැනගන්න… හොඳටම හිනා වෙන්නත් පුලුවන් වෙයි මේක බලද්දි… සතුට, ආදරය, දුක මේ හැමදේම සංවේදී විදිහට පැයයි විනාඩි 42ක් තිස්සේ, මේ චිත්‍රපටයෙන් දකින්න ඔයාලට පුලුවන් වෙයි.

තවත් උපසිරසකින් හමුවෙමු.


සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s