13 Reasons Why [S04 : E08] Sinhala Subtitles | රහස් හෙළි වේ… [සිංහල උපසිරැසි සමඟ] (63) {4}

ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමක් විදිහට එකතු වෙලා කරන වැඩකටත් සම්බන්ධ වෙන්න පුලුවන් වුණා. විමා සහ චාමර සහෝදරයන්ට ස්තුති කරනවා මාවත් මේ වැඩේට සම්බන්ධ කරගත්තට. ඒ වගේම මේක උපසිරස කරන කණ්ඩායමටම ස්තුතියි කියන්න ඕණ.

පෙර කොටසින්…

පහුගිය කතාංගය ගැන පොඩි ආවර්ජනයක් කළොත්, අපි දකිනව ආනි නැවතත් ජෙස්ගෙ ගෙදරට එනවා. මේ අතරතුර වින්ස්ටන් හොයනව බ්‍රයිස්ගෙ සැබෑ ඝාතකයා කවුද කියලා මොන්ටි නිදොස් බව තහවුරු කරගන්න අටියෙන්. මොන්ටිගේ නංගි එස්ටෙලා වින්ස්ටන්ට මොන්ටිගේ දිනපොත දෙනවා. ඉතින් එයාලා දකිනවා ජස්ටින් ෆෝලි, බ්‍රයිස් සමග ගනුදෙනු කළ කෙනෙක් වග. ඉතින් මොවුන්ගෙ සැකය වෙන්නේ ජස්ටින් බ්‍රයිස් ඝාතනයට සම්බන්ධ බව සහ ජෙසිකා මේ බව දැනගෙන සඟවගෙන ඉන්න බව. මේ අතරේ ආනිගෙන් වෝකර් ඝාතනය සම්බන්ධව ඩෙපියුටි ස්ටැනිඩෝල් ප්‍රශ්ණ කරපු සම්පූර්ණ හඬපටය නොමැති නිසා, ෂෙරිෆ් ඩියෙස්ටත් වෝකර් ඝාතනය සම්බන්ධව පොඩි සැකයන් ටිකක් ඇවිත් තියෙනවා. ඔහු මේ ගැන නිලධාරී ස්ටැන්ඩෝල්ගෙන් ප්‍රශ්ණ කීපයක් අහනව. ඇලෙක්ස් මේවා දකිද්දි බයෙන් ඉන්නවා ඊළඟට මොනව වෙයිද කියලා…

සැක්ගේ පාපොච්චාරණය රහසක් විදිහට තියාගන්න පොරොන්දු වුණත් වින්ස්ටන් මේ ගැන මොන්ටිගේ මිතුරු ක්‍රීඩකයන්ට වමාරනවා. ඉතින් වින්ස්ටන්ගේ කීමත්, මොන්ටි එක්ක තිබුණු යාළුකම නිසාත් ඩියෝගෝ මේ ගැන සැක්ගෙන් දැනගන්න ලොකු උත්සහයක් දරනවා. මේ අස්සේ පීඩනෝන්මාද ගතියකුත් එක්ක විකාර විදිහට හැසිරුණ ක්ලේ කපටි උපායක් යොදල කොහොමහරි කරලා රෝහලෙන් පැනගන්නවා. වෛද්‍ය එල්මන්ගේ උදව්වත් එක්ක ක්ලේ අවුලක් වෙන එකෙන් ෂේප් වෙනවා. හැබැයි කවුරු නමුත් ක්ලේගෙ මනසත් එක්ක සෙල්ලම් කරන එක නවත්තල නැහැ කියලා ඔහු ගෙදර කාමරේ වහලේ නැවතත් දකින සළකුණෙන් ඔප්පු වෙනවා. ජස්ටින්ගේ මව මිය ගිහින් කියලා ඔහුට දැනගන්න ලැබෙනවා. දුක අනිත් අයගෙන් හැංගුවාට මොකද ඒක ගැන ඔහු ගොඩක් දුක් වෙනවා කියලා අපිට දකින්න ලැබුණා. කතාව අවසන් වුණේ ක්ලේ සහ ටෝනි, ටයිලර්ව පොලීසියට කොටු වෙන්න නොදී බේරගන්න ගිය වැඩේ කණපිට ගැහුවාත් එක්ක. පොලීසියට සේරම කොටු. කාට හරි වෙඩි තැබීමක් සිද්ධ වෙනවා… ඇත්තටම කාටහරි වෙඩි වැදුණද?

8 වෙනි කතාංගයෙන්…

වැඩි විස්තර කියන්න යන්නේ නෑ මම මේ කතාංගය ගැන. කතා මාලාවෙන්ම දැකපු සුපිරියටම කික් එකක් තියෙන කතාංගයක් කියලා සහතික වෙන්න පුලුවන්. ඒ වගේම මේ පහුගිය කොටස් 7 පුරාවටම රසික අපේ හිත්වල කැකෑරෙමින් පැවතුන සෑහෙන ප්‍රශ්ණ ගොඩකට උත්තර හොයාගන්න පුලුවන්. තව කොටස් දෙකයි ඉතිරි. ඊළඟ කොටස් දෙකත් ඉක්මනින්ම ලැබෙයි. එහෙනම් ඔයාලට බාරයි මේ කතාංගයත්… 😀

තවත් උපසිරසකින් හමුවෙමු.


සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s