Elephant (2020) Sinhala Subtitles | දිවි සොයා යන කලහාරී ඇත් චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (64)

මේ අවුරුද්දේ අප්‍රේල් 3වෙනිදා Disney Nature එකෙන් හදවතට දැනෙන බොහොම ලස්සන වර්තාමය වැඩසටහනක් නිකුත් කරනවා. මේක ඇතුන් ගැන කතාවක්. මම දන්නවා වාර්තා වැඩසටහන් වැඩි දෙනෙක් නොබලන බව. නමුත් මේක හදවතට දැනෙන කතාවක් කියලා මම 100%ක් සහතික කරනවා.

අලංකාරවත් දර්ශනතල රැසක් දැකගත හැකි වෙන මෙහි පසුබිම් කතනය සිදු කරන්නේ ඔයාලා කවුරුත් හොඳින්ම හඳුනන හැරී කුමරුන්ගේ බිරින්දෑ වන මේගල් මාකල් විසින්. මින් පෙර බොහොම අපූරු වාර්තා වැඩසටහන් අපට තිළිණ කරන්නට සහය වූ Mark Linfield, Vanessa Berlowitz සහ Alastair Fothergill කියන තිදෙනා තමයි මෙය අධ්‍යයක්ෂණය කර තිබෙන්නේ. IMDb අගය 7.0 ලෙස තමයි දැනට සටහන් වෙලා තියෙන්නේ.

කතාව ගැන පොඩි සටහන් කළොත් කලහාරි කියන්නේ කාන්තාරයක්. මේ අසල ඩෙල්ටා නදි‍ය අසබඩ දිවි ගෙවන ඇතුන් රංචුවක් ඉන්නවා. මොවුන් පවුලක් විදිහට හඳුන්වන්න පුලුවන්. මොවුන්ගේ පවුලේ තියෙන්නේ මාතෘමූලිකත්වයක්. නායිකාව කියන යෙදුම මම යොදාගත්තා. ගායා තමයි මේ ඇත් රංචුවේ නායිකාව. කලහාරියට වියළි සමය ලබන විට ගංගාව වියළි යන නිසා මේ ඇත් රංචුවට සිදු වෙනවා ජලය, ආහාර සොයාගෙන සංචාරයක් ගොස් නැවතත් ඩෙල්ටාවටම එන්න. ගිහින් එන ගමනට සම්පූර්ණවම සැතපුම් 1000ක්.

ඉතින් සැතපුම් 1000ක් ඇවිදිනවා කියන්නේ ලේසි පහසු වැඩක් එහෙම නෙමෙයි කියලා පැහැදිලි ඇතිනේ. අපි බලමු ගායා කොහොමද රංචුවෙ ඉන්න ජෝමෝ කියන පුංචි පැටවාත් ඇතුළුව අනතුරු, අභියෝග මධ්‍යයයේ මේ වගේ අමාරු ගමනක් තම සහජ බුද්ධිය පාවිච්චි කරලා යන්නේ කියලා. ඔයාලටත් ආරාධනා කරනවා ඔවුන් සමග මේ අති අපූරු ගමනට එක් වෙන්නට…

තවත් උපසිරසකින් හමුවෙමු…


සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s