Penguins (2019) Sinhala Subtitles | ඇඩෙලි පෙන්ගුයින්ලා මිලියනයක් අතර [සිංහල උපසිරැසි සමඟ] (65)

මුලින්ම මම ස්තුතියි කියන්න කැමතියි Elephant (2020) චිත්‍රපටයට ප්‍රතිචාර ලබා දුන්නු හැම කෙනෙක්ටම. ඒ ප්‍රතිචාර ටික දැක්කම ගොඩක් සතුටු හිතුනා. ඇත්තටම ඒ අය නිසාම තමයි මම මේකට උපසිරස කරන්න පෙළඹුනේ.

මේ චිත්‍රපටය නිකුත් වුණේ 2019 අප්‍රියෙල් 17. මේකත් ඉතින් අපි කවුරුත් දැන් හොඳින්ම දන්නා නියම වාර්තා වැඩසටහන් රැයක් අපට දායාද කළ Disney Nature එකේම වැඩක්. මේක පෙන්ගුයින්ලා ගැන කතාවක්. මෙහි පසුබිම් කතනය සිදු කරන්නේ Ed Helms විසින්. මින් පෙර බොහොම අපූරු වාර්තා වැඩසටහන් අපට තිළිණ කරන්නට සහය වූ Jeff Wilson සහ Alastair Fothergill දෙදෙනා තමයි මෙය අධ්‍යයක්ෂණය කර තිබෙන්නේ. IMDb අගය 7.0 ලෙස තමයි දැනට සටහන් වෙලා තියෙන්නේ.

කතාව ගැන ටිකක් කියන්නම්කෝ දැන්. මේ කතාව දිවෙන්නේ ස්ටීව් වටා. ඔහු මිලියන ගණනක් ඇඩෙලි පෙන්ගුයින්ලා අතරින් එක් පෙන්ගුයින් කෙනෙක්.

ඇඩෙලි පෙන්ගුයින් කෙනෙක්

සාමාන්‍ය ප්‍රමාණයේ ඇඩෙලි පෙන්ගුයින් කෙනෙකු, උසින් සෙන්ටිමීටර් 46ත් 71ත් අතර වෙනවා, එමෙන්ම බර කිලෝග්‍රෑම් 3.6ත් 6.0ත් අතර අගයක් ගන්නවා. මොවුන් අනිත් පෙන්ගුයින්ලා සමග සසඳන විට යම් තරමක් කුඩායි. ඇඩෙලි පෙන්ගුයින් කෙනෙක් සාමාන්‍යයෙන් පැයට සැතපුම් 5ක් (8.0 km/h)ක් පමණ වේගයෙන් කිමිදෙනවා. ඔවුන්ට හැකියි මීටර 3ක් උසට ජලය තුළින් හිමට හෝ පාෂාණ සහිත ගොඩබිමකට පැනිය හැකියි.

ඇඩෙලි පෙන්ගුයින් ගැන මීට අමතරව ගොඩක් කරුණු ඔයාලාට මේ චිත්‍රපටයෙන් ඉගෙනගන්න පුලුවන් වේවි. ඒවා සඳහන් කරන්න යන්නේ නෑ මොකද චිත්‍රපටයෙනුත් බලන්න දෙයක් තියෙන්න එපැයි. 😀

ඉතින් මොවුන් පැටවුන් බිහි කිරීමේ කාර්යය සඳහා වසන්ත සමය වන විට මොවුන් සිටින ඇන්ටාක්ටිකා සයුරු ප්‍රදේශය අත්හැර ඔවුන් ඉපදුණු ස්ථානයටම නැවත යනවා. එතන ගල් සහිත ගොඩබිමක් මුලින් යන්නේ පිරිමි සතුන්. ඔවුන් ගිහින් කැදලි සාදන්නේ පසුව පැමිණෙන ගැහැණු සතුන් සමග එක් වී බිත්තර දමා පැටවුන් බිහි කිරීමටයි. ඉතින් ස්ටීව් මේ වැඩේට යන්නේ ටිකක් විතර පරක්කු වෙලා. කොටින්ම ස්ටීව්ට තමන්ගේ වර්ගයේ කට්ටියව මග ඇරිලා. ඔහු අනිත් ඇඩෙලිලාව හොයාගන්න පුලුවන් වේවිද? ඔහුට පවුලක් අරඹන්නට පුලුවන් වේවිද? ඉතින් අපි බලමු ස්ටීව්ට මොකද වෙන්නේ කියලා…

තවත් උපසිරසකින් හමුවෙමු…


සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s