WandaVision [E09] Sinhala Subtitles | සමුගනිමු! [සිංහල උපසිරසි] (81) {13}

අපි අද මුණගැහෙන්නේ WandaVision නමවෙනි කතාංගය, ඒ කියන්නේ මේ සීරීස් එකේ අවසාන කතාංගය එක්කයි. අටවෙනි කොටසින් අපි නොදැන හිටිය ගොඩක් කරුණු හෙළි වෙනවා. 

පහුගිය කො‍ටස ගැන ටිකක් බලලා ඉමු.

ඇගතාගේ අතීතය ගැන පෙන්නලා තමයි කතාව පටන්ගත්තේ. 1693 වසරේදී, අනිත් අයට පිටුපාලා ඩාක් මැජික් කරපු නිසා ඇගතාගේ අම්මා විසින් එයාව මරන්න තීරණය කළත් අවසානයේ ඇගතා ඒ හැමෝවම මරනවා. ඇගතා ඇයි වොන්ඩාගේ යථාර්තයට ආවේ කියලා එයා කියනවා. සාමාන්‍යයෙන් පහසුවෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි වොන්ඩා කරලා තියෙන්නේ. නගරයක දාස් ගාණක් මිනිස්සු පාලනය කරන විදිහ, සුවිශාල හෙක්ස් එකක් නිරායාසයෙන්ම හදලා තියෙන විදිහ ඇගතාට දැනිලා, ඇත්තටම වොන්ඩා ඒක කළේ ‍කොහොමද කියලා දැනගන්න තමයි ඇගතා ඇවිත් තිබිලා තියෙන්නේ.

ඇගතාට මේක තවම පැහැදිලි නෑ. කොහොමද මෙච්චර බලවත් දෙයක් වොන්ඩා කළේ කියලා දැනගන්න බොරු පියෙත්‍රෝව එව්වත් සීමා සහිත තොරතුරු ටිකක් විතරයි ඇගතාට දැනගන්න ලැබුණෙ. ඒ නිසා ඇගතා වොන්ඩාව එයාගේ අතීතය බලන්න එක්කගෙන යනවා. අපිට එතනින් දැනගන්න පුලුවන් ඇයි වොන්ඩාගේ යථාර්තය සිට්කොම් මත පදනම් වුණේ කියලා. මුල් කොටස් සමහරුන්ට ජෝක් එකක් වුණාට ගැඹුරු දෙයක් ඊට පිටිපස්සෙන් තිබුණා. වොන්ඩාගේ තාත්තා ඔලෙග් රැකියාව විදිහට කළේ සිට්කොම් කතාවල CD විකිණීම. ඒ වගේම ඉංග්‍රීසි දියුණු කරගන්න අදහසින් එයාලා පවුලක් විදිහට එකතුවෙලා මේ සිට්කොම් කතා නරඹනවා. දවසක් මෙහෙම නරඹමින් ඉන්නකොට ස්ටාක් ආයතනයේ එක බෝම්බෙකින් වොන්ඩාගේ දෙමාපියො නැති වෙනවා. තවත් බෝම්බයක් වැටෙනවා වොන්ඩායි පියෙත්‍රෝයි ළඟට. ඒත් ඒක පුපුරලා යන්නෙ නෑ. ඒකෙන් අපිට දැනගන්න ලැබෙනවා පුංචි කාලෙ ඉඳලාම වොන්ඩාට මැජික් කරන්න හැකියාව තිබුණා කියලා. බෝම්බය පිපුරුණේ නැති එක අහම්බයක් නෙමෙයි. එතනදි වොන්ඩා ඇ‍ගේ මැජික් බලයෙන් සම්භාවිතාවේ වෙනසක් සිදු කළා. ඉන්ෆිනිටි ස්ටෝන්වලින් එකක් වුණු මයින්ඩ් ස්ටෝන් එකෙන් සිද්ධ වුණේ, කලින් ඉඳලාම වොන්ඩාට තිබුණු ඒ බලයන් සහ හැකියාවන් වර්ධනය වීමක් විතරයි. මෙතනදි අපට හිතන්න පුලුවන් තියරි එකක් තමයි වොන්ඩාට පොඩි කාලෙ ඉඳලාම එක්ස් (X) ජානය තිබුණා කියන එක. ඒ කියන්නේ වොන්ඩා මියුටන්ට් (විපරිත) කෙනෙක් වෙන්න පුලුවන්? මේ මාවල් සිනමා විශ්වයට විපරිතයන් හඳුන්වා දීමද?

ඒ වගේම අපි දැනගත්තා, බ්ලිප් එකෙන් නැවත ජීවිතය ලබපු වොන්ඩා ස්වෝඩ් එකට කඩා පැනලා විෂන්ගේ මළ සිරුර හොරකම් කළේ නෑ කියලා. ඒක අර දුෂ්ට හේවර්ඩ්කාරයාගේ බොරුවක්. 😡 හරියට ‍දුක හිතෙනවා වොන්ඩා හේවර්ඩ්ගෙන් කරන අහිංසක ඉල්ලීම අහද්දි.🥺 එයාට වුවමනා වුණේ විෂන්ට අවසන් ගෞරව දක්වලා භූමිදාන කරන්නයි. ඒත් හේවර්ඩ් ඒකට ඉඩ දෙන්නෙ නෑ. හේවර්ඩ්ට ඕණ විෂන්ව ජීවි අවියක් විදිහට නැවත ක්‍රියාත්මක කරන්නයි. දැන් අපිට තේරෙනවා වොන්ඩාගේ තනිකමට සහ දුකට හේතු වෙච්ච කාරණා ගොඩක්. තමන්ගේ දෙමාපියන් දෙදෙනාගේ මිය යාම, තමන්ගේ එකම අයියාගේ මිය යාම, විෂන්ගේ මිය යාම… 😦  වෙස්ට්වීව්වල තමයි වොන්ඩා-විෂන් ජෝඩුව ඉඩමක් අරගෙන පදිංචි වෙන්න හිටියෙ. එතනට ගිහින් වොන්ඩා විලාප දෙමින් එයාගේ හිතේ තිබුණු ගෙදර, හෙක්ස් එක සහ විෂන් කෙනෙකුව නිර්මාණය කරනවා. අවසානයේ අපිට ඇගතාගේ ප්‍රාණ ඇපකරුවො දෙන්නෙක් වෙලා ඉන්න, වොන්ඩාගේ දරුවො දෙන්නව දකින්න පුලුවන් වෙනවා. ඇගතා කියනවා මේ වගේ බලසම්පන්න දේවල් කරන ඔයා හරිනම් මිත්‍යා කතාවක ඉන්න ඕණ කෙනෙක් කියලත්, ඔයා කේයෝස් මැජික් (ව්‍යාකූල මායාවන්) කරන නිසා ස්කාර්ලට් විච් කියලත්. ස්කාර්ලට් විච් කියන්නේ කොමික්වලදි වොන්ඩාව හඳුන්වන නම. 

මේ අතරේ මිඩ්-ක්‍රෙඩිට්ස් සීන්වලින් අපට දැකගන්න ලැබෙනවා අර කට්ට කෛරාටික හේවර්ඩ්කාරයා වොන්ඩාගේ හෙක්ස් එකේ බලශක්තියම යොදවලා විෂන්ව නැවත ක්‍රියාත්මක කරනවා. හැබැයි මේ සුදු පා‍ට විෂන් කෙනෙක්. කොමික් අනුව කිසිම හැඟීම් දැනීම් ‍නොමැති කෙනෙක්. ඉතින් අවසානය මොකක් වෙයිද? හේවර්ඩ් සැ‍රසෙන්නේ මොනවටද? මොනිකාට සිද්ධ වුණේ මොනවද? මේ සියල්ලට පිළිතුරු අද කොටසින් ලැබේවි… ඒ වගේම අද කොටසේ ‍මිඩ් ක්‍රෙඩිට් දර්ශනයක් වගේම ආෆ්ටර් ක්‍රෙඩිට් දර්ශනයකුත් දකින්න පුලුවන්. අමතක නොකර අවසන් විනාඩිය දක්වා බලන්න.

සිට්කොම් එකකින් පටන් අරගෙන මොන තරම් දේවල් ගොඩක් මේ කතාවෙ සිද්ධ වුණාද! ඉතින්, ආපහු මේ කෙටි කතා මාලාවට මට උපසිරස කරන්න කියලා උනන්දු කරපු විමා අයියාට ස්තුතියි කියන්න කැමතියි. විශේ‍ෂයෙන්ම කමෙන්ට් කරපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. එයාලා ලොකු හයියක් වුණා සතුටින් මේකෙ කොටස් ටිකට සබ් කරන්න. අද WandaVision අපෙන් සමුගන්නවා. හැබැයි මාර්තු 19 වෙනිදා සිට, උකුස්සා සහ හේමන්තයේ සොල්දාදු උන්නැහේ, The Falcon and the Winter Soldier තුළින් අපිව මුණගැහෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා. 😄

තවත් උපසිරසකින් හමුවෙමු.


සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


Previous BT1

All BT1

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s