Chaos Walking (2021) Sinhala Subtitles | නව ලොව පදිංචිකරුවන් [සිංහල උපසිරසි] (82)

හැමෝම මග බලාගෙන හිටිය චිත්‍රපටයක් වන Chaos Walking (2021) තමයි අද අරගෙන ආවේ.

නව ලොව (New World) – මේක අලුත් ලෝකයක්. මේ ලෝක‍යට යන හැම පිරිමි කෙනෙකුගේම සිතුවිලි පිටතට ඇහෙනවා වගේම පේනවා. ඒ කියන්නේ මොන දේ හිත ඇතුළෙන් රහසින් හිතුවත් වැඩක් නෑ, අනිත් හැමෝටම ඒක පේනවා. ඒක රූපමය දෙයක්නම් ඒ විදිහටම ඒක පේනව. මේ පිටට ඇසෙන-පෙනෙන සිතිවිලි ශබ්දය (Noise) කියලා තමයි මේ කතාවෙදි හඳුන්වලා තියෙන්නෙ. හැබැයි ගැහැණු අයට මේ තත්වය බලපා‍න්නේ නෑ. ඉතින් මේ නව ලෝකය දැන් වෙනකො‍ට ඒ කියන්නේ ක්‍රි.ව. 2257 වෙද්දි, පෘතුවිවාසීන්ගෙන් ජනාවාස වෙලා යම් කලක් ගත වෙලා.

ප්‍රෙන්ටිස්ටවුන් – මේක නගරයක්. මේ තමයි කතාවෙ ප්‍රධාන චරිතය, ටොඩ් හීවට් ජීවත් වෙන නගරය. ඔහු තමයි ඉන්න ලාබාලම කෙනා. නමුත් මේ වෙද්දි ප්‍රෙන්ටිස්ටවුන්වල කිසිම ගෑණු කෙනෙක් නෑ. ඒකට හේතුව මම මෙහෙම කියන්න යන්නෙ නෑ මොකද කතාව දුවන්නේ ඒ ගැටළුව ලිහා දෙන හේතු කාරණාව මත නිසා. ඉතින් මේ ගෑණු නැති ලෝකෙ‍ට ගෑණු කෙනෙක් එක්ක යානයක් කඩාගෙන වැටෙනවා. ඉතින් ඉදිරියට මොනව වෙයිද කියලා කියන්නෙ නෑ. මොනා වෙයිද කියල දැනගන්න කතාව බලන්නම වෙනවා.

පළමු රැල්ල – පළමු වරට නව ලෝකයේ ජනපද සාදාගෙන ජනාවාස ඇති කරගත් පිරිස පළමු රැල්ල ලෙස හඳුන්වනවා.

ෆාබ්‍රාන්ච් සහ හේවන් – මේවාත් නගර දෙකක් නම් කියලා මතක තියාගන්නකො.

මේ චිත්‍රපටය පදනම් කරගෙන තියෙන්නේ Patrick Ness විසින් රචිත Chaos Walking යොවුන් නවකතා ත්‍රිත්වයේ ප්‍රථම ‍නවකතා පොත වෙන 2008 නිකුත් වුණු The Knife of Never Letting Go ග්‍රන්ථයයි.

Chaos Walking යොවුන් නවකතා ත්‍රිත්වය

Doug Liman චිත්‍රපටයේ අධ්‍යයක්ෂණය සිදු කරලා තියෙනවා. කවුරුත් ස්පයිඩර් මෑන් නමින් හඳුනන Tom Holland තමයි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ. ඒ වගේම Daisy Ridley, Mads Mikkelsen, Demián Bichir, Cynthia Erivo යන අයත් රංගනයෙන් හවුල් වෙලා තියෙනවා.

තවත් උපසිරසකින් හමුවෙමු…


සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s