The Falcon and the Winter Soldier [E04] Sinhala Subtitles | අවමඟුල [සිංහල උපසිරසි] (83) {14}

The Falcon and the Winter Soldier හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. පහුගිය කොටස් විමා කරගෙන ආවත් නොවැළැක්විය හැකි විදිහට කාර්ය බහුල වීම නිසා මේ කොටස මට බාර වුණා.

හරි එහෙනම්, අපි පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. 

සිරම් එක හැදෙන්නෙ කොහොමද කියලා දැනගන්න සෑම් සහ බකී දෙන්නා සීමෝව මුණ ගැහෙන්න යනවා, ඊට පස්සෙ බකී සෑම්ටත් හොරෙන් සීමෝව හිරෙන් පන්නගන්නවා. සීමෝ එකඟ වෙනව මෙයාල එක්ක එකතු වෙලා ෆ්ලෑග් ස්මෑෂර්ලව නවත්තන්න උදව් කරන්න. ඊට පස්සෙ එයාලා මැඩ්‍රිපූර්වලට ගිහින් ඉහළ මට්ටමේ ආපරාධ කල්ලි නායිකාවක් වෙන සෙල්බිව මුණගැහෙනව. සෙල්බිගෙන් එයාලා දැනගන්නවා ඩොක්ටර්. පවර් බ්‍රෝකර් කියලා කෙනෙක්ට කලින් හයිඩ්‍රා එකේ විද්‍යාඥයෙක් වුණ ඩොක්ටර් විල්ෆ්‍රඩ් නේගල් වැඩ කරලා තියෙනවා කියලා මේ සුපර් සෝල්ජර් සිරම් එක නැවත නිපදවන්න. මේ අස්සේ සෑම්ගෙ නංගි, සේරා අපේ සෑම්ට කෝල් කරලා සෑම් කියලා කතා කරන නිසා සෑම් ගැන ‍එළි වෙනවා. ඒත් එක්කම වෙඩි පහරකින් සෙල්බි මිය යනව. ඒ නිසා සෑම්, බකී සහ සීමෝලව අල්ලල දෙන කෙනෙක්ට ත්‍යාගයක් දෙනව කියලා පණිවිඩයක් නිකුත් කරනව. තෑග්ග ගන්න තිළිණ දඩයක්කරුවො කට්ටියක් පන්නද්දි ෂැරන් කාටර් ඇවිත් මෙයාල තුන්දෙනාව බේරගන්නවා. Civil War සිදු වීම්වලින් පස්සෙ ෂැරන් ජීවත් වෙන්නෙ පලා යන්නෙක් විදිහට. ෂැරන් එයාලව ඩොක්ටර් නේගල්ගේ පරීක්ෂණාගාරයට එක්කගෙන යනවා. එතනදි එයාලා දැනගන්නවා නේගල් සිරම් කුප්පි 20ක් හදල තියෙනව කියලත්, ඒවා කාලි මෝගන්තාඔ හොරකම් කළා කියලත්. සීමෝ එක පාරටම නේගල්ට වෙඩි තියල දානව. ලැබ් එකත් විනාශ වෙලා යනව. මේ වෙලාවෙ සිදු වෙන සටනදි සීමෝගේ කොමික්වලට අදාළ වෙස් මූණ දැකගන්න පුලුවන් අපට.

Helmut Zemo’s Mask in Comics & Live-Action

ඉන් පස්සෙ සී‍මෝ වාහනයක් හොරකම් කරගෙන යන්න සූදානම් වෙනව. නමුත් ෂැරන් එහේම නවතිනවා. සෑම් පොරොන්දු වෙනව ඇයට සමාව අර‍ගෙන දෙන්න. ඉතින් මෙතනදි සෑම් අහනව බකීගෙන් සීට් එක පොඩ්ඩක් ඉස්සරහට ගන්න බෑනෙ, නේද කියලා. බකී ගත් කටට බෑ කියනව ඉතින්. හේතුව මතක් වුණාද? Civil War එකේ බකීගේ ඉල්ලීම සලකන්නෙ නැතුව සෑම් පුටුව ඉස්සරහට නොගත්ත පළිය තමා බකී ඔතනදි බොහොම කුරිරු විදිහට අරගන්නේ. 😅

මේ අතරතුර බර්ලින්වලට ආපු ජෝන් වෝකර් (අලුත් කැප්ටන් ඇමරිකා) සහ හොස්කින්ස් (බැට්ල්ස්ටාර්) නිගමනය කරනවා සීමෝ හිරෙන් පැනපු එකට සෑම් සහ බකීගේ සම්බන්ධ ඇති බවට. ෆ්ලෑග් ස්මෑෂර්ලා, ලිතුවේනියාවේ තියෙන ලෝක ප්‍රති-ආගමන කවුන්සිලයේ (GRC) සැපයුම් තිබෙන ගබඩා පරිශ්‍රයක් වටලා ප්‍රහාරයක් එල්ල කරනව‍. සීමෝ, සෑම්, බකී තුන්කට්ටුව මෝගන්තාඔව හොයාගෙන ලැට්වියාට යනවා. අවසානයේ අපි නොහිතපු කෙනෙක් කතාවේ දකින්න ලැබුණා. වකන්ඩා රජතුමා ට’චකාව ඝාතනය කරපු එක වකන්ඩාවරු අමතක කරලානම් නෑ කියලා මෙතනදි අපිට දැනගන්න පුලුවන්. සීමෝව හොයාගෙන ඇවිත් තියෙන්නේ ආයෝ. ආයෝ තමයි Civil War එකේදී බ්ලැක් විඩෝට තර්ජනාත්මකව කියන්නේ, අයින් වෙනවද, අයින් කරන්නද කියලා.

“Move. Or you will be moved.” — ‘Ayo’ to ‘Black Widow’ in Civil War

බකී ආයෝව  හොයාගෙන යන්නේ ⁣පොඩි බෝල වගේ ජාතියක් දැකලනෙ. මේවා හඳුන්වන්නෙ කිමෝයෝ බීඩ් (Kimoyo Beads) කියලා. වකන්ඩානු ඉහළ තාක්ෂණයේ නිර්මාණයක්. මේවා වයිබ්‍රේනියම්වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. වකන්ඩානුවන් මේක විවිධ අරමුණු සඳහා යොදාගන්නව. Black Panther, Infinity War, Endgame චිත්‍රපට තුනේදිම අපිට මේ බීඩ්වල විවිධ ප්‍රයෝජන දකින්න ලැබුණා. උදාහරණ කීපයක් බැලුවොත්, වෙද හෙදකමට, වාහන දුරස්ථ පාලනයට, සන්නිවේදනයට වගේම ඔත්තු බැලීමට යොදාගන්න දෙයක් ලෙස මේක යොදාගන්න ආකාර අපි දැක්කා. මෙතනදිනම් ඒවා සීමෝ ගැන තොරතුරු හොයන්න පාවිච්චි කරන්න ඇති. එහෙමත් නැත්නම් බකීව ගෙන්නගන්න පාවිච්චි කරපු පණිවිඩ ක්‍රමයක් වෙන්නත් පුලුවන්. ඒකට උත්තරේ මේ කොටසින් බලාපොරොත්තු වන්න…

ඔන්න එහෙනම් අද කොටසින් බලාගන්න පුලුවන් ඊළඟට මොනවද වුණේ කියලා…

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.


සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


 

Previous BT1

All BT1

Next BT1

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s