The Falcon and the Winter Soldier [E05] Sinhala Subtitles | සත්‍යය [සිංහල උපසිරසි] (84) {15}

ඔන්න එහෙනම් අපි The Falcon and the Winter Soldier පස්වෙනි කතාංගයටත් ආවා. මේකත් ලබන සතියෙන් අවසන් වෙනවා. 

එහෙනම් අපි පහුගිය කොටස ගැන කෙටි මතකාවර්ජනයක් කරගමු.

පහුගිය කොටස මේ කතා මාලාවේ මෙතෙක් ආපු අපූරුම සහ අඳුරුම කොටසක්. ඉතින් ආයෝ බකී බාන්ස් නොහොත් වයිට් වුල්ෆ්ට පැය අටක් දෙනවා, ගන්න වැඩේ අරගෙන සීමෝව බාර දෙන්න කියලා. නැතිනම් එයාලම ඇවිත් සීමෝව අල්ලගන්නවා කියනවා. හේතුව තමයි සීමෝ වකන්ඩානු රජ ට’චල්ලා ඝාතනය කිරීම. ඔයාලට මතක ඇතිනෙ Civil War සිදුවීම් පෙල? ඉතින් පහුගිය කොටසේ සීමෝ මොන තරම් කපටි මොළකාරයෙක්ද කියලා ආපහු අපිට දැකගන්න ලැබුණා. සරණාගත කඳවුරේ පොඩි ළමයෙක්ගේ උදව්වෙන් සීමෝ හොයාගන්නවා මෝගන්තාඔව හදාගත්ත අම්මා ඩෝන්‍යාගෙ මළගෙදර චාරිත්‍ර පැවැත්වෙන තැන. ඒක කණ්ඩායමට සෑහෙන උදව්වක් වෙනවා. හැබැයි ජෝන් වෝකර් සහ ලෙමාර් හොස්කින්ස් මෙයාලට මැදිහත් වෙලා මෙයාලා වැඩේ එතෙක් ඉඳලා කරගෙන යන්න උත්සහ කරනවා. ජෝන් වෝකර් නායක ගතිලක්ෂණ පෙන්නද්දි ඔයාලටත් තරහ ගියාද? 😛 ඒත් සෑම් සහ බකී නම් සත පහකට ගණන් ගන්නෙ නෑ ජෝන්ව. සෑම් කියනව එයාට තනියම ගිහින් මෝගන්තාඔ එක්ක කතා කරන්න ඕණ කියලා. සෑම් හිතනවා කතා කරලා එයාගේ මනසෙ අන්තගාමී අදහස් වෙනස් කරවන්න. ඒත් වෝකර් මෙතනට මැදටත් පැනලා සාර්ථක ලෙස වැඩේ අවුල් කරලා දානවා.

එතන ඇති වෙන සටන අස්සේ සීමෝ මෝගන්තාඔට වෙඩි තියල ඝාතනය කරන්න උත්සහ කළත් ‍සිරම් කුප්පිවලට අවධානය ගිහින් සිරම් කුප්පි ‍ඔක්කොම වගේ විනාශ කරලා දානවා. වෝකර් ඇවිත් සීමෝට පහර දීලා ඉතුරු වුණු සිරම් කුප්පිය රහසින් අරගන්නවා. ඊට පස්සෙ සීමෝව අත්තඩංගුවට අරගන්න සීමෝගේ ආරක්ෂිත නිවස වටලන වෝකර්ට සිද්ධ වෙන්නෙ නොහිතූ දෙයක්.  ආයෝ ඇතුළු ඩෝරා මිලාෂේ එකෙනුත් මේ වෙලාවෙම සීමෝව අල්ලගන්න එනවා. ඒත් වෝකර් සුපුරුදු පණ්ඩිතකම් ඩෝරා මිලාෂේ එකටත් පෙන්නන්න ගිහින් හොඳටම ගුටි කනවා. මේ වෙලාවෙ වෝකර් කියන්නෙ, “අඩු ගාණේ එයාලා සුපර් සෝල්ජර්ලවත් නෙමෙයි” කියල. මෙතනදිනම් ජෝන් ගැන දුක හිතෙනව. කොච්චර වුණත් තුන් පදක්කම් ලාභී ශූර සෙබලෙක් වෙලා හිටපු කෙනෙක්නෙ. මේ සටන අතරතුරේ කට්ට සීමෝ එතනින් පැනගන්න සමත් වෙනවා.

මෝගන්තාඔ සෑම්ගෙ නංගි සේරාට තර්ජනය කරනවා සෑම්ව එයාගේ කණ්ඩායමට අරගන්න ඕණ නිසා තනියම මුණගැහෙන්න අවස්ථාවක් සලස්වල දෙන්න නැත්නම් හොයාගෙන එනවා කියලා සේරාවයි එයාගේ ළමයින්වයි. වෝකර් සිරම් එක අරගෙන තිබුණා. දැන් ඔහුත් සුපර් සෝල්ජර් කෙනෙක්. වෝකර්ගෙ සෑහෙන ලොකු ගැම්මක් මෙතන ඉඳං දැකගන්න පුලුවන් වුණා. වෝකර් සහ හොස්කින්ස් ෆ්ලෑග් ස්මෑෂර්ලව වැටලීමක් කරන්න ගිහින් අන්තිමේ මෝගන්තාඔගෙ පහරකින් දුක්ඛිත විදිහට හොස්කින්ස් මිය යනවා. ඒ තරහා එක්ක වෝකර් පලිහෙන් පහර දීලා මෝගන්තාඔගෙ මිතුරෙක් වෙන නිකෝව ඝාතනයට ලක් කරනවා. නිකෝ මිය යන්නේ ඔහු පොඩි කාලෙ කැමතිම වීරයා කැප්ටන් ඇමරිකාගේ පලිහෙන් වීමනම් සෑහෙන කණගාටුවක්. මේ සිද්ධිය දැකලා බයෙන් සලිත වන අය මේ සිදු වීම පටිගත කරගන්නවා. කැප්ගේ පලිහේ ඒ විදිහට ලේ ගෑවුණ එකනම් මාර කම්පනයක් වුණා. 😦

ඉතින් එතනින් පස්සේ වෙන දේ දැනගන්න අද කොටසින් පුලුවන්. අද කතාවෙ තියෙනව පිටුපස රතු තටු සහිත ගුවන් යානා (Red Tails) ගැන හා සම්බන්ධ දෙවන ලෝක යුධ සමයේ සිදු වීමක් ගැන කතාබහක්. ඉතින් කොයිකටත් ඒ ගැන දැනගෙන ඉන්න කැමතිනම් ඒ ගැන ෆිල්ම් එකක්ම තියෙනවා. උපසිරස වගේම ඒ ෆිල්ම් එ‍කට හොඳ ලිපියකුත් අඩවියේ තියෙනවා. ෆිල්ම් එක තමයි Red Tails (2012). මේ කොටස බලලා වුණත් ෆිල්ම් එක බලලා විස්තර දැනගන්න පුලුවන් ගැටළුවක් නෑ, කොයිකටත් කියලා කිව්වෙ මම උපසිරසෙ ඒ ගැන ලොකු පැහැදිලි කිරීමක් කරල නැති නිසා. ඒ වගේම තමයි අද කතාංගයේ ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා. අනිවාරෙන් ඒකත් බලන්න. 

එහෙනම් අවසන් කොටසින් හමුවෙමු.


සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


 

Previous BT1

All BT1

Next BT1

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s