Skip to content
මම එල්.සී. දමැල්. ඉන්නෙ කොළඹ. මේ ලිපිය ලියන්නේ මම සාමාන්‍යය පෙළ කරලා නිවාඩුවේ ඉන්න ගමන්.
මම අවුරුදු දෙකක් වගේ කාලයක් (මතක හැටියට 2011-2012 අවුරුදු) තිස්සේ බයිස්කෝප් සිංහලෙන් තුළින් චිත්‍රපට ගන්නවා, උපසිරස ගන්නවා, එහෙම ගන්නකොට මම දැක්කා මෙන්න ඔබටත් ඉඩක් කියලා කොටසක්. මටත් අාසවක් අැතිවුණා. ඒත් වෙලාව තිබුණෙ නැහැ ඉතින් සාමාන්‍ය පෙළ ඉවරවෙලා නිවාඩු ලැබුණම, මමත් බයිස්කෝප් එකට Mail එකක් දැම්මා. මාව ඒ අවස්ථාවේදී සමීර සහෝදරවරු දෙන්නා අඩවියට සාදරයෙන් පිළිගත්තා. මට මුල් උපසිරස භාරදුන්නේ සමීර කරුණාරත්න සහෝ තමයි. ඒත් කෝ වෙලාව ඉතින් නිවාඩු වෙලාවල්වලදී මමත් උපසිරැසි කරන්න පටන්ගත්තා. එහෙම කරලා කොහොම හරි එක චිත්‍රපටයක් සම්පූර්ණ කළා ඒ තමයි මගේ පළමු උපසිරස The Hundred Foot Journey (2014). මේක කරලා ඉවර වුණාට පස්සේ සමීර චතුරංග සහෝ මට තව එකක් කරන්න දිරිගැන්වුවා! ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාරත් තිබුණා. 700කට අධික පිරිසක් සබ් එක පළ වෙච්ච මාසය තුළදීම ඩවුන්ලෝඩ් කරගෙන තිබුණා. එදා සිට ඒ කියන්නේ 2015 පෙබරවාරි 6 සිට මමත් මෙහි සමාජිකයෙක් වුණා!!! මෙහිදී මගේ විශේෂ ගෞරවය මෙන්ම විශේෂ ස්තූතිය මෙම වෙබ් අඩවියේ නිර්මාතෘවරයා මෙන්ම ආරම්භකයා වන ඉසිර ගුණතිලක නොහොත් පොතේ ගුරා සහෝටත්, ප්‍රථම නිදහස් සිංහල උපසිරසේ හිමිකරු රොයිලි ප්‍රනාන්දුටත් හිමි වෙනවා! මේ තමයි ඉතින් බයිස්කෝප් සිංහලෙන් එක්ක මම එකතු වීමේ පටන්ගැන්ම!!! කියාගෙන ගියොත් නම් දිගටම කියන්න පුළුවන් ඒ නිසා කාගේ හරි නමක් කියන්න බැරි වුණානම් සමාවෙන්න! එයාලටත් තුති!
පහත පෝරමය පුරවා හෝ ෆේස්බුක් පිටුවට (එල් සී දමැල්ගේ සිංහල උපසිරස) පණිවිඩ එවා මා හා සම්බන්ධ වන්න…
Korean drama walata subtitle dennako
LikeLike