කලින් Marvel කොමික්ලාගේ Black Panther (2010) කෙටි ඇනිමේෂන් රූපවාහිනී කතා මාලාව ගෙනාවා. මේ පාර ගෙනාවේ DC කොමික්චි ඇනිමේෂන් චිත්‍රපටයක්.
වර්ගය: All
Black Panther (2010) EP09-EP12 Sinhala Subtitle | අවසානය [සිංහල උපසිරැසි සමඟ] (3)
ඔව්, 5 කොටසින් ක්ලෝව්ගේ කණ්ඩායමේ තව බොහොම විශේෂ කෙනෙක්ව අපිට මුණගැහෙනවා. ඒ රුසියානු ජාතික, ඊගෝ නොහොත් රේඩියෝඇක්ටිව් මෑන් (විකිරණශීලී මිනිසා) මොහුට පුළුවන්කම තියෙනවා භූමිකම්පා ඇති කරන්න වගේම විකිරණ නිකුත් කරන්න. යුලිසිස් ක්ලෝව්, ටි’චකාගේ ඝාතනය සිදු කළේ කොහොමද කියල බොහොමත්ම ආඩම්භාරයෙන් තමන්ගේ කණ්ඩායමේ බැට්රොක්ටත්, කැනිබල්ටත් කියනවා.
Continue reading “Black Panther (2010) EP09-EP12 Sinhala Subtitle | අවසානය [සිංහල උපසිරැසි සමඟ] (3)”
Black Panther (2010) EP05-EP08 Sinhala Subtitle | ක්ලෝව්ගේ කණ්ඩායම සහ සූක්ෂම මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (2)
බ්ලැක් පැන්තර් රූපවාහිණී කතා මාලාවේ 5 සිට 8 දක්වා කතාංගයි මේ ගෙන එන්න සූදානම. අපි බොහොම කුතුහලය දනවන පටන්ගැන්මක් දැක්ක පලවෙනි කතා කොටසින්.
Continue reading “Black Panther (2010) EP05-EP08 Sinhala Subtitle | ක්ලෝව්ගේ කණ්ඩායම සහ සූක්ෂම මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (2)”
Black Panther (2010) EP01-EP04 Sinhala Subtitle | වකන්ඩාවේ රජු හා ආරක්ෂකයා, බ්ලැක් පැන්තර් [සිංහල උපසිරැසි සමඟ] (1)
හොඳයි එහෙමනම් මේ මුණගැහෙන්නේ මගේ පළවෙනි රූපවාහිණී කතා මාලා උපසිරසත් එක්ක. ගොඩක් කාලයක් ආසාවෙන් හිටියත් අවස්ථාවක් ලැබුනෙම නෑ හරියට රූපවාහිණී කතා මාලාවක උපසිරසක් කරන්න. ඔන්න එහෙනම් ඒකත් හරි. Continue reading “Black Panther (2010) EP01-EP04 Sinhala Subtitle | වකන්ඩාවේ රජු හා ආරක්ෂකයා, බ්ලැක් පැන්තර් [සිංහල උපසිරැසි සමඟ] (1)”
Black Panther – වකන්ඩා රටේ රජතුමා හා ආරක්ෂකයා බ්ලැක් පැන්තර් (22)
“බ්ලැක් පැන්තර්” කියන්නේ ඇමෙරිකාවේ කොමික් පොත්වල මාවල් කොමික් විසින් ප්‍රකාශිත සුපිරි වීර චරිතයක්. මේ චරිතය නිර්මාණය කරලා තියෙන්නේ අපි කවුරුත් හොඳින්ම දන්න හඳුනන හැම මාවල් චිත්‍රපටයකම, ඇනිමේෂන් එකකම පාහේ කැමියෝ එකක් දකින ස්ටෑන් ලී විසින් සහ ජැක් කර්බි විසින්. මුලින්ම මේ බ්ලැක් පැන්තර් චරිතය ජනතාව අතරට එන්නේ Fantastic Four #52 (ජූලි 1966) ඒ කිව්වේ කොමික් පොත්වල රිදීමය යුගයෙයි.
Continue reading “Black Panther – වකන්ඩා රටේ රජතුමා හා ආරක්ෂකයා බ්ලැක් පැන්තර් (22)”
කලින් Grootට ඇත්තටම මොකද වුණේ? (21)
Baby Groot කියන්නේ හිටපු Grootගේ පුතා බව මීට දින කිහිපයකට පෙර Guardians of the Galaxy චිත්‍රපට අධ්‍යක්ෂකතුමා පවසා තිබෙනවා. පහලින් තියෙන්නේ ඒ Twitter පණිවිඩයයි.
Black Panther මෙන්ම, Black Widow සහ Captain Marvel චිත්රපටද සාර්ථක වනු ඇති බව Captain America පවසයි. (20)
ඔන්න අපි කවුරුත් දන්නා Captain America නොහොත් Chris Evans, Black Panther චිත්‍රපටයේ ක්ෂණික Box Office සාර්ථකත්වය පිළිබඳව ET Canada වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ මෙසේයි.
The Stray (2017) Sinhala Subtitle | අතරමං වූ ජීවිත යළි ආලෝකමත් කළ, ඒ අතරමං සුනඛයා… [සිංහල උපසිරැසි සමඟ] (38)
මගේ නම ක්‍රිස්ටියන් ඩේවිස්. මගේ අම්මට බලාගන්න තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තාට මම වෙනුවෙන් වෙන් කරගන්නවත් වෙලාවක් නැහැ. කොටින්ම මම ඉස්කෝලේ කුඩා ලීගයට සෙල්ලම් කරන නිසා මට බාස්කට් බෝල් සෙල්ලම් කරන විදිහ තාත්තාගෙන් ඇහුවම එයා කීවේ අම්මගෙන් උදව් ඉල්ලගන්න කියල. එයාගේ වැඩේම ඔෆිස් එකේ වැඩ කරන එකයි චිත්‍රපටි, ටීවී ෂෝ වලට තිරපිටපත් ලියන එකයි.
සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ Goodbye Christopher Robin (2017) චිත්‍රපටය ගැන නොදත් කරුණු. (19)
මුලින්ම කියන්න ඕනේ, මේ ලිපියේ චිත්‍රපටය ගැන විස්තර ගොඩක් සඳහන් වන නිසා මුලින්ම Goodbye Christopher Robin (2017) චිත්‍රපටය නරඹලා ඉන්න. ඒක සිංහල උපසිරස සමගම බලන්න ඔයාලට අවස්ථාව තියෙනවා.
Goodbye Christopher Robin (2017) Sinhala Subtitle | ඔබට සුභ ගමන්, ක්‍රිස්ටෝෆර් රොබින්! [සිංහල උපසිරැසි සමඟ] (37)
ක්‍රිස්ටෝෆර් රොබින් කිව්වම ඔයාලගේ මතකයට එනවා ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න් විසින් රචිත “විනී ද පූ” (Winnie the Pooh) කතන්දර සමූහය. එහෙම කිව්ව ගමන් තීරණයකට එළඹෙන්න එපා, මේක විනී ද පූ වගේ සිඟිත්තන්ට හරියන චිත්‍රපටයක් වෙන්න ඇතියි කියලා. මොකද මේක ගොඩක් ලස්සන චිත්‍රපටියක්.