මේ ගෙනාවේ 2010 අවුරුද්දේ නිකුත් වුණු Marvel Knights Animation ලාගේ නිෂ්පාදනයක් වූ Motion comic ඇනිමේටඩ් වර්ගයේ කෙටි කතා මාලාවක්. නම අහපු ගමන් නොදන්නවා වෙන්න විදිහක්නම් නෑ මේ චරිතය ගැන. මේ තමයි වකන්ඩාවේ රජ හා ආරක්ෂකයාගේ කොටස් 12කිං සමන්විත කතා මාලාව Black Panther (2010). හැම කොටසක්ම විනාඩි 10ක් 12ක් වගේ තමයි දිවෙන්නේ. මේක මුලින්ම විකාශනය වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ABC3 කියන නාලිකාවේ. ඊළඟට 2011දී ඇමෙරිකා එක්සත් ජනපදයේ BET නාලිකාවෙ විකාශනය වුණා.