The Five (2016) [E03] Sinhala Subtitles | තව කවුද ඒ දවස ගැන බොරු කියන්නේ? [සිංහල උපසිරසි] (94) {19}

පහුගිය කොටසෙදි ඩැනීට හැකි වෙනව ඇනී ග්‍රීන්ගේ ෆෝන් එක ට්‍රැක් කරලා ඇනී ග්‍රීන් ඝාතනයට සැක කරන අභිරහස් මනුස්සයාව අත්අඩංගුවට ගන්න. මාකුයි එයාගේ තාත්තා ඇලනුයි පොලිස් ස්ටේෂන් එකට යනවා ෆොටෝ කිහිපයක් බලලා ඇත්තටම මේ ජෙසීද කියලා හොයාගන්න.

එයාලා ෆොටෝ දැක්ම ඒ ඉන්නේ ජෙසී නෙමෙයි කියලා කියනවා. කොහොම නමුත් මාක් එයාගේ ෆෝන් එක අරගෙන හොරාට ඩැනීගේ මේසේ තිබුණු ඇනී ග්‍රීන්ගේ මෝචරි ‍පින්තූරයේ ෆොටෝ එකක් ගහගන්නවා. ඉතින් මාකුයි ස්ලේඩුයි මේ ෆොටෝ එක පාවිච්චි කරලා තොරතුරක් හොයාගන්න උත්සයක යෙදෙනවා අපිට බලාගන්න පුලුවන් වුණා. ස්ලේඩ්ගේ කඳවුරේ ළමයෙක් කියනවා මේ මැරුණ කෙනා ඇත්තටම ඇනී ග්‍රීන් නෙමෙයි, එයාගේ ඇත්ත නම සෙලීනා කැලොවේ කියන තොරතුරු තාක්ෂණ උපදේශිකාව කියලා.

මේ අතරේ ජෝ හෑන්ලි කියන නමින් පෙනී හිටිය අපේ අභිරහස් හාදයාට හැකි වෙනවා ෆෝන් එක හොරකම් කරපු දේට අමතරව ඔහුට විරුද්ධ චෝදනා නැති නිසා ඩැනීගේ අත්අඩංගුවෙන් ගැලවිලා යන්න‍. අවුරුදු කීපයක් අතුරුදන් වෙලා හිටිය ජෙමා එයාගේ දෙමාපියො ළඟට ආපහු යනවා, ඒ වගේම එයා පෲට විස්තර ටිකක් කියනවා ගෑණු ළමයින්ව හිර කරගෙන හිටපු තැන ගැන. ‍ඩැනී සහ ඇලී ඒ තැන හොයාගෙන යනවා. එයාල යන්නේ සංගීත නිෂ්පාදකයෙක් වෙන ජේ නිව්මන්ගෙ නිවසටයි. ජේ එයාල‍ට ඇතුළට එන්න කියනවා. හැබැයි මේ නිව්මන්කාරයාගේ රෙකෝඩින් ස්ටුඩියො එකේ ශබ්ධය පිටතට ඇහෙන්නෙ නැති කාමරේක කෙල්ලො ටික හිර කරගෙන ඉන්නවා කියලා හොයාගන්න ලැබෙන්නෙ නෑ මේ වෙලාවෙ ඩැනීලට.

හැබැයි ජේ නිව්මන් ගැන ඩැනීට සැක හිතෙනවා. මොකද නිව්මන් රෑට රෑ‍ට බල්ලෙක් එක්ක ඇවිදින කතාවක් අසල්වැසි කාන්තාවක් කිව්වත් බල්ලෙකුගෙ කිසිම හඬක්වත්කු ලකුණක්වත් ඒ ගෙදර තිබුණෙ නැති නිසා. ඩැනීට එතකොටම මීටර් වෙනවා ජෙමාගේ බෙල්ලෙ කරප‍ටියක් ගැටගැහුවා කියලා ජෙමා කිව්ව කතාව.

ඉතින් ඔයාලට ගොඩක් ප්‍රශ්ණ ඇති මේ වෙද්දි මේ කතාව ගැන. ඔයාලට මේ කොටස බලලා ඒ සමහර ප්‍රශ්ණවලට උත්තර දැනගන්න! ඊළඟ කොටසත් ඉක්මනින්ම ලැබේවි කියලා පොරොන්දු වෙන ගමන් අදට මම සමුගන්නවා…

තවත් උපසිරසකින් හමුවෙමු…


සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


අදහසක් දෙමු.